Raja Natwarlal (2014) සිංහල උපසිරැසි සමඟ.




මේ චිත්‍රපටිය දෙන්න සැහෙන්න පරක්කු උනාට මුලින් සමාවෙන්න ඕන. මම හිතන්නේ සති දෙකක් පමණ වෙනවා මේ චිත්‍රපටිය නිකුත් වෙලා.මේ චිත්‍රපටිය දැක්ක දවසේම මම උපසිරැසි කරනවා කියලා හිතාගත්තා මොකද හින්දි සිනමාවේ මම ආස කරණ නළුවෙක් තමයි ඉම්රාන් හෂ්මි කියන්නේ.වෙබ් අඩවියේ පලවෙලා තියන ඔහුගේ බොහොමයක් චිත්‍රපටි මම උපසිරැසි ගන්වපු එවා තමයි. ඔයාලා දැකලා ඇති ඉම්රාන් හෂ්මිගේ Jannat (2008) හා Jannat 2 (2012) චිත්‍රපටි. එවාගේ අවසානය ගැන ඔයාලා දන්නවා නේ. මේ චිත්‍රපයේ අවසානයත් එහෙම වේවිද? මොකද මේ චිත්‍රපටියේ කතා තේමාව නම් ඒ වගේ.චිත්‍රපටියේ ප්‍රධාන නිළිය Humaima Malik ඇය සිනමාවට අලුත්. මේ ඇයගේ පලවෙනි චිත්‍රපටියයි. අපි බලමු කතාව කොහොමද කියලා.

රාජා හා රාගව් කියන්නේ සහෝදරයෝ මේ දෙන්නාගේ වැඩේ තමයි මිනිස්සුන්ව මෝඩයාට අන්දලා සල්ලි හොයන එක.රාජාගේ ආදරවන්තිය තමයි සියා.ඇය රාත්‍රි සමාජශාලා වල නර්තන ශිල්පිනියක්. රාජාගේ හිනයක් තියනවා ඒ සියාව ඒ කරන රස්සාවෙන් ගලවගෙන දෙන්නාම ආදරයෙන් ජිවත් වෙන්න කියලා.රාජාට දවසක් ලොකු ගානක් හොයාගන්න වැඩකට ඔත්තුවක් ලැබෙනවා. මේක රාජා රාගව්ට කියනවා. නමුත් රාගව් එක කරන්න ප්‍රතික්ෂේප කරනවා වැඩේ අවදානම්නිසා. නමුත් රාජාගේ බලකිරිමට මේ දෙන්නා වැඩේ කරනවා. මොවුන් ලක්ෂ 80ක් කෙනෙක් ගෙන් පැහැර ගන්නවා. මේ සල්ලි යාද්ව් නැමැති ලොකු සල්ලිකාරයෙක්ගේ.
මේ දෙන්නා මේ හොරකම් කරපු සල්ලි වල බරපතල කම තේරෙන්නේ රාගව්ව යාද්ව් ගේ මිනිස්සු ඇවිල්ලා මරලා දැම්මාට පස්සේ. රාජා මේ නිසා හිතින් ගොඩක් දුක් වෙනවා.මොකද මේ සල්ලි හොරකම් කිරිමේ සැලැස්ම රාජාගේ නිසා. රාජා දැනගන්නවා යාදව් කියන්නේ මුනට මුන හැප්පිලා දිනන්න පුලුවන් කෙනෙක් නෙමෙයි කියලා. ඒක නිසා රාජා පැලැන් එකක් හදනවා යෝගී කියලා නිකම කපටියෙක් එක්ක යාද්ව්ගේ සල්ලි සේරම සුද්ද කරලා දාන්න... රජාට යාදව්ව වට්ටන්න පුලුවන් වේවිද? තමන්ගේ අයියාගේ මරණයේ පලිය එයින් ගන්න පුලුවන් වේවිද? නැත්නම් රාජාගේ ජිවිතෙත් අකාලයේ අවසන් වේවිද? චිත්‍රපටිය අරන් බලන්නකෝ බැලුවාට පාඩුවක් වෙන්නේ නෑ. හින්දි චිත්‍රපටි මෙලෝ රහක් නෑ කියලා කියන අය පුලුවන් නම් මේ වගේ චිත්‍රපටියක් අරන් බලන්න කතාව කොහොමද කැරකෙන්නේ කියලා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.