Banshee S03 E03 (2015) සිංහල උපසිරැසි සමගින්




බැන්ශේ රසිකයන්ගේ තවත් නොඉවසිල්ලෙන් බලන් හිටපු කොටසක් අරගෙයි මම අද ආවෙ, ඒකට හේතුව තමයි ගිය සතියෙ හුඩ්ගෙ දොර ලඟ ඉන්නෙ කවුද කියලා දැනගන්න ඕනෙ නිසා, කතාව මැද්දෙන් කියලා හරියන්නෙ නෑනෙ, කලින් කොටසෙදි වුන දේවල් මතක් කරගන්නවානම් ප්‍රොක්ටර් තමන්ගෙ ව්‍යාපාර ආපහු පටන් ගත්තට පස්සෙ ඔහුට එල්ල වෙන ලොකුම අභියෝගය ඔහුගෙ ව්‍යාපාර අතරමඟ නතර වුන කාලෙ ෆීල්ඩ් එක අල්ලගත්ත අලුත් ව්‍යාපාර කරන්න ආපු අය, ඒ විදියට ප්‍රොක්ටර්ගෙ පැති අලුතින් අල්ලගත්ත කෙනෙක් එක්ක සාකච්චාවක් කරන්න සූදානම් කරපු තැනකදි බහින්බස්වීමක් දුර දිග ගිහින් රෙබෙකා ඒ හැම කෙනෙක්ටම වෙඩි තියලා මරනවා, රෙබෙකාත් දැන් එයාගෙ මාමාගෙ අඩිපාරෙ යන්න පටන් අරන්, මේ අතරේ ප්‍රොක්ටර්ගේ අම්මාව පිළිකාවක් වැළදිලා, වෙද්‍යවරු කියන්නේ අම්මා උපරිම මාසකක් විතර කාලයක් ජීවත් වෙයි කියලා, මේ නිසා ප්‍රොක්ටර් එයාගෙ අම්මව ප්‍රොක්ටර්ගෙ ගෙදරට එක්කගෙන එනවා, ඒවගේම අම්මව බලාගන්න හෙදියකුත් සේවයට ගන්නවා, මේ අතරේ චේටන් රෙඩ්බෝන් එකේ වැඩටික කරඟෙන යනවා, හමුදාවෙ අවි කොල්ළකෑවාට පස්සෙ රෙඩ්බෝන් එකට ආයුධ පුහුණුවත් ලබා දෙනවා, ඊටපස්සෙ චේටන් දෙන්නෙක් යවනවා ප්‍රොක්ටර්ව අල්ලගෙන එන්න කියලා, හැබැයි, ප්‍රොක්ටර්ගේ ආරක්ශකයා බර්ටන්ගෙන් නම් ඒ දෙන්නට ගැල්වීමක් ලැබෙන්නෙ නෑ, බර්ටන් එයාගෙ කන්නාඩි දෙක ගලවනකොට නරක දෙයක් සිද්ද වෙනවා කියන කතාව ඇත්ත කියලා අද කොටසින් බලාගන්න පුලුවන්, ඒවගේම බැන්ශේ වලට අලුත් මූනු දෙකක් එකතු වෙනවා ඒ තමයි ශෙරිෆ් දෙපාර්ථමේන්තුවට අලුත් කෙනෙක් එකතුවෙන රේවන් වගේම කිනාහෝ ශෙරිෆ් දෙපාර්ථමේන්තුවේ සේවය කරන ඇමී, මේ දෙන්නගෙ කතාවත් බැන්ශේ වල ගලාගෙන යන්න තමයි සූදානම, කලින් සතියෙ අන්තිමේදි හුඩ්ගෙ දොර ඉස්සරහා කෙනෙක් තුවක්කුවෙ අඟුල අරිනවා, ඒ කවුද කියලා අද කොටසෙන් බලාගන්න පුලුවන්,

මෙවර කොටසෙන්,
අද කොටස හරියටම පැයක් විකාශය වෙනවා, ඒකට හේතුව බලාගන්න පුලුවන්, මොකද අද මුලු කතාව සම්පූර්ණ ක්‍රියාදාම මාළාවක්, ඒ වගේ ක්‍රියාදාම ටිකක් ඔයාලට චිත්‍රපටයකින්වත් බලාගන්න වෙන එකක් නෑ, අද කොටසෙදි දෙවෙනි කතාසමගෙ ඉදන් හිටපු කෙනෙක් කතාවෙන් සමුගන්නවා, ඒවගේම සෑහෙන්න අවුල් ගොඩකට හේතු වෙන කෙනෙකුත් කතාවෙන් සමුගන්නවා, ඒවගේම හුඩ්ගෙ කියන්නෙ ඇත්තටම කවුද කියලා බැන්ශේ වල තව කෙනෙක් දැනගන්නවා ඒ කවුද කියලා අද කොටසෙන් දැනගන්න පුලුවන්, අද කොටස නරඹන්න කලින් පුලුවන්නම් Banshee Official Fan Page එක පැත්තෙ https://www.facebook.com/banshee මෙතනින් ගිහින් කමෙන්ට් ටිකක් බලලම ආවනම් හොදයි, ම්ම ඒ කමෙන්ට් වලින් ටිකක් මෙතන දාන්නම්, 

Laura Duscha-Whitney-"This was the best episode. Crazy crazy s***! Luvn #banshee"

Penelope Getti- "Such an incredible show - this last episode in particular! WILD!"

John Tribble-"Amazing episode just caught up feels like the best series yet Paul Murray"

Jason Bryant -"That was the best fight scene I've ever seen in any TV show or movie. Ever"

එහෙනම් දැන් වර්ණනා කලා ඇති, තාම කතාවෙ ඉස්සරහට වෙන්න යන දේවල් ගැන මොනවත් කියන්න බෑ, මොකද හිතාගන්න බැරි දේවල් තමයි තාමත් සිදුවෙන්නේ! එහෙනම් අද කොටස මඟ හැරඟන්න එපා කියන ඉල්ලීමත් එක්ක ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙමු!




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.