Dhada (2011) සිංහල උපසිරැසි සමඟ.



කොහොමද කස්ටිය කාලෙකින් ටිකක් පරණ ෆිලුමක් ගේන්නත් බැරි උනානේ ඔන්න ඒ අඩුපාඩුව පුරවන්න කියලා 2011 වසරේ තිරගත උනු චිත්‍රපටයක් තමයි ගෙනාවේ,ඒක නිසා සමහර අය නම් මේක බලලා ඇති ඒ වගේම නොබලපු අයත් ඇති,ඒ වගේම කියන්න ඕන තාමත් මේ චිත්‍රපටයට කිසිම වෙබ් අඩවියකින් සිංහල උපසිරසියක් නිකුත් කරලා නැහැ ඉතින් Zoom එකෙන් තමයි ඔයාලට මේක මුලින්ම ලැබෙන්නේ Zoom එක වෙනුවෙන් විවිධ භාෂාවල චිත්‍රපට උපසිරැසි ගන්වලා තිබුනත් කවදාවත් තෙලිඟු එකක් කරලා තිබ්බේ නැහැ එකත් එක හේතුවක් උනා මේක ගේන්න,එහෙනම් ෆිලුම ගැන බලමුකෝ.

ඇත්තටම මේක ඉතාමත් ලස්සන ආදර කතාවක් තියෙන ඒ වගේම හොඳට හිනා වෙන්නත් පුළුවන්,Action,Comedy ඝනයට අයත් වෙන ෆිලුමක් ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ Josh,100% Love,For a Laila යන ජනප්‍රිය චිත්‍රපට වල ප්‍රධාන චරිතය නිරුපණය කරපු Naga chaitanya,ප්‍රධාන නිළිය ලෙස චරිතය රඟදක්වන්නේ Kajal Agarwalෆිලුමේ කතාව ගැන කියනවා නම් විශ්වා කියන්නේ අම්මයි තාත්තයි නැති අයිය කෙනෙක් විතරක් ඉන්න තරුණයෙක් හැමනිතරම මිනිස්සුන්ට උදව් කරලා ජිවත් වෙන කෙනෙක් එත් මෙයා එහෙම කරන උදව්වක් නිසා මෙයාට සැහෙන කරදරේක පැටලෙන්නේ වෙනවා ඒ ප්‍රශ්නේ මොකද්ද කියල නම් කියන්න යන්නේ නැහැ එහෙම උනොත් ෆිලුමේ කුතුහලය නැති වෙන්න පුළුවන් ට්‍රේලර් එකෙන් ඔයාලට ඒ ගැන ඉඟියක් ගන්න පුලුවන් වෙයි.අවසාන වශයෙන් කියන්න ඕන මේක මගහැරගන්න නොවටින චිත්‍රපටයක් කියලා ඇත්තටම මේ වගේ මගහැරුණු හොඳ චිත්‍රපට නොබලා අලුත් ඒවා බලලා තේරුමක් නැහැ කියන එකයි මගේ නම් අදහස.එහෙනම් ගිහින් එන්නම් ජය වේවා



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.