‍Banshee S03 E05 (2015) සිංහල උපසිරැසි සමගින්





පහුගිය කොටස ගැන මතක් කරනවානම්, බැන්ශේ වල ශෙරිෆ් ලූකාස් හුඩ් කියන්නේ හොරෙක් කියලා, හුඩ්ගේ පෙම්වතිය වෙන බැන්ශේ පොලිසියේම සේවය කරන පොලිස් පරීක්ශක සිබෝන් දැනගන්නවා, හැබැයි සිබෝන් හුඩ්ට කියනවා පොල්ස් සේවයෙන් ඉල්ලා අස් වෙලා බැන්ශේ වලින් යන්න කියලා, හුඩ්ට කරන්න වෙන කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ, ඉතින් හුඩ් බැන්ශේ කෑම්ප් ජෙනෝවා වලට කරන්න සැලසුම් කරපු මංකොල්ලයත් අතරමඟ නතර කරලා බැන්ශේ වලින් යන්න සුදානම් වෙනවා, මේ අතරේ රේවන්ගෙ අතින් මැරුන චේටන්ගේ මල්ලි ටොමීගේ මිනිය අරගෙන යන වෑන් එක රෙබෙකා බර්ටන් එක්ක එකතු වෙලා ගිණි තියෙනවා, ඊට පස්සෙ තමයි චේටන් ආපහු කතාවට එන්නේ, චේටන් ටොමීගෙ පිච්චුනු මිනියත් අරන් කැලවට ගිහින් ඒක ආදාහණය කරනවා, හුඩ් බැන්ශේ වලින් යන්න සූදානම් වෙන නිසා යන්න කලින් මුළු බැන්ශේ වළටම පිළිලයක් වෙලා ඉන්න ප්‍රොක්ටර්ව ඉවරයක් කරන්න ඕනෙ හිතාගෙන ප්‍රොක්ටර්ව මරන්න යනවා, එතනදි සෑහෙන්න ලොකු සටනක් ඇති වෙනවා, අන්තිමේදි බ්‍රෝක් මැදිහත්වෙලා ප්‍රොක්ටර්ගෙයි හුඩ්ගෙයි සටන නතර කරනවා, ඊටපස්සෙ පහර දීමේ චෝදනාව උඩ ප්‍රොක්ටර්ව අත්තඩංගුවට ගන්නවා, ඒ විදියට චේටන්ට ඕනෙ කරන දෙන්නෙක් එක තැනකට එකතු වෙනවා ඒ තමයි ප්‍රොක්ටර් වගේම රේවන් දෙන්නම බැන්ශේ පොලිසියේ ඉන්න එක, ඊටපස්සෙ චේටන් රෙඩ්බෝන් එකේ කට්ටිය එකතු කරගෙන තුවක්කුත් අරගෙන බැන්ශේ පොලිසිය වට කරනවා, ඒ මුලු පොලිසියම විනාශ කරන්න හිතාගෙන, එතනින් තමයි පහුගිය කොටස අවසන් වුනේ, අද කොටස ගැන කියනවනම් පළමු කතාමාලාවෙ ඉදන් බැන්ශේ වල දැවැන්ත චරිතයක් වුන කෙනෙක් කතාවෙන් සමුගන්නවා, මේ වැඩේටනම් ඉතින් මටත් සෑහෙන්න අවුල්, මේ බැන්ශේ වල අවසාන කතාසමය වෙන්නත් පුලුවන් කියන ඉඟියත් එක්ක මම ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙමු!




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Banshee S03 E05 (2015) Sinhala Subtitles
(click here to watch and comment)

1 comment:

Powered by Blogger.