Geethanjali (2014) සිංහල උපසිරැසි සමඟ.



අද මම අරගෙන ඇවිල්ලා තියන්නේ ලස්සන තෙළිගු චිත්‍රපටියක්.මේක හොරෝර් කොමඩි කියලා තමයි නම් කරලා තියන්නේ.තමන් ජීවත්වෙලා සිටියදී සිදු වුන අසාධාරණයකට එරෙහිව හොල්මනක් වෙලා ඇවිත් පළිගන්න කෙල්ලෙක් ගැන තමයි මේ කථාවේ කියවෙන්නේ.හොල්මන් උනාට බය වෙන්න දෙයක් නෑ ඈ.හිනාවෙවී බලන්න පුළුවන් පට්ට කථාවක් මේක.

කථාවේ ඉන්න සෙට් එක ගැන කියනවා නම් ANJALI,BRAHMANANDAM,SRINIVAS REDDY,RAO RAMESH යන අය රංගනයෙන් දායක වෙනවා.මේකෙ ප්‍රධාන චරිතය වෙන්නේ නිළිය.ANJALI කලින් චිත්‍රපටි ඔයාලා බලලා ඇතිනේ.එයාගේ රංගනය ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.එයා රගපාපු ප්‍රසිද්ධ චිත්‍රපටි හැටියට SETTAI,MANKATHA,BALUPU වැනි චිත්‍රපටි හදුන්වන්න පුළුවන්.මම කථාව ගැන වැඩිය කියන්න යන්නේ නෑ.මොකද කෘතුහලය නැති වෙන හින්දා.මේ කථාවේ හැටියට ගීතාන්ජලී (ANJALI) කියන්නේ තෙළිගු සංස්කෘතියට ගොඩක් ගරුකරන ඒ විදිහට ජීවත්වෙන අහිංසක කෙල්ලෙක්. ගීතාන්ජලී රැකියාවක් කරන්න නගරයට යනවා.නමුත් ඒක ඇයට එච්චර හොද දෙයක් වෙන්නේ නෑ.මොකද එහෙදි ඇය රැකියාව කරන තැන ලොක්කා අතින් ඇයව දූෂණයට ලක් වෙනවා.මේක දරාගන්න බැරුව ඇය බෙල්ල කපාගෙන මිය යනවා.කථාවේ නළුවා වෙන්නේ ශ්‍රීනු (SRINIVAS REDDY).මෙයා හයිද්‍රාබාද් වලට එන්නේ චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන පිස්සුවෙන්.මෙයා හොල්මන් වලට පණ බයයි.ශ්‍රීනු ගීතාන්ජලීගේ සිද්ධියට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලත්, ගීතාන්ජලීගේ ලොක්කට මොකද වෙන්නේ කියලත්,ගීතාන්ජලී කොහොමද පළිය ගන්නේ කියලත් ඔයාලම බා‍ගෙන බලන්නකෝ.බය වෙන්න කිසිම දෙයක් නෑ හොදට විහිළු තියන හොද කථාවක් තියන පට්ට චිත්‍රපටියක්. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියකින් හම්බෙනකම් ඔබට ජය...........!




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සූලාන් සම්පත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

Powered by Blogger.