Alone (2015) සිංහල උපසිරැසි සමඟ.




ඕන්න ඉතිං මාස ගාණකට පස්සෙ ආපහු ෆිල්ම් එකක් අරගෙන ආවා. ෆේස්බුක්එකේ, ගූගල් ප්ලස් එකේදිනම් කට්ටිය දකින්න ඇති මේක කරන්නෙ මම කියලා.ඉතින් මේකෙ කොපි රිලීස් වෙලා තිබුනට ඉංග්‍රිසි උපසිරැසි ඇවිත් තිබුනෙ නෑ. අද තමයි ආවෙ. ඉතින් හැමෝටම කලින් මේ සැරෙත් මගේ පොරොන්දුව අනුව ඔයාලට චිත්‍රපටය ගෙනාවා.කතාව මෙහෙමයි. අන්ජනා, සන්ජනා කියන්නෙ සහෝදරියො දෙන්නෙක්. නමුත් විකෘතිතාවක් නිසා ඔවුන් දෙදෙනාට ජිවිතය ගතකරන්න වෙන්නෙ එකට. නමුත් අවාසනාවකට අන්ජනා මිය යනවා.සන්ජනා විවාහවෙලා කේරල ගමෙන් ඈතට යනවා. නමුත් එක් දිනක මව අසනීපවීම නිසා සන්ජනාටත්, සැමියටත් කේරල ගමට යන්න වෙනවා.ඒත් සන්ජනාට එහේ ඉන්නකොට එක එක දේවල් සිද්දවෙනවා. පෙනෙන්න ගන්නවා. ඇය තේරුම් ගන්නවා ඒ ඇගේ මැරුණ සහෝදරිය අන්ජනා කියලා!කතාවෙ බාගයක් මම කිව්වා වගේද? අපෝ නෑ. මම කතාව පටන්ගත්තෙවත් නෑ ඇත්තමයි. ඔයා ෆිල්ම් එක බැලුවොත් තේරේවි කොච්චර ගැඹුරු කතාවක්ද තියෙන්නෙ කියලා මේකෙ. ඒවගේම ලස්සන ආදර කතාවක් තියෙනවා. විඳින්න පුලුවන් චිත්‍රපටියක් කීවොත් හරි. ලස්සන ගීත කීපයකුත් තියෙනවා මේ දවස්වල ගොඩාක්ම ජනප්‍රිය. එහෙනම් ඊළඟ චිත්‍රපටියකින් ඉක්මනින්ම හමුවෙනකල් හැමෝටම ආයුබෝවන්!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.