Fifty Shades of Grey (2015) සිංහල උපසිරැසි සමඟ. (200)



ඔන්න අදත් මට විශේෂ දවසක්, අද තමයි මගේ 200 වෙනි උපසිරැසි කඩයිම පහු කරන්නේ, 2013 සැප්තැම්බර් වල පටන් ගත්ත මේ මේ වැඩේ මේ දක්වා කරගෙන එන්න ගොඩක් දෙනක් මට උදවු කලා, නම් වශයෙන් කියන්න ගියොත් නම් සෑහෙන්න ලොකු අමාරුවක වැටෙනවා මොකද කියන්න ගියොත් මේ පිටුවේ ඉඩ මදි වෙන නිසා, වෙනදා වගේම මුලින්ම මතක් කරන්න ඕනේ අපේ HEDZ සහෝව, සයිට් එක වෙනුවෙන් උපරිම කැපකිරීමක් කරන ඔහුගේ සහය මට හැමවෙලාවකම වගේ ලැබිලා තියෙනවා, ඒවගේම මතක් කරන්න ඕනෙ කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව සයිට් එක වෙනුවෙන් ඇප කැප වෙන අපේ සහෝදර උපසිරැසි කණ්ඩායම, මුලින්ම උපසිරැසියක් බාගත කරන්න විතරක් ආව මේ අඩවිය වෙනුවෙන් මේ වගේ වැඩ කොටසක් කරන්න ලැබුන එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි, පළවෙනි උපසිරැසියෙදිනම් මෙච්චර දුරක් එන්න හිතුවෙ නෑ එකක් කරලා නිකම් ඉන්න හැදුවෙ, ඒත් මේකේ ඉන්න මගේ මිත්‍රයෝ ටික ඒකටනම් ඉඩ දුන්නේ නෑ, 2014 මාර්තු මාසයේ මගේ 50 වෙනි උපසිරැසිය, ජූලි මාසයේ 100 වෙනි උපසිරැසිය, දැන් 200 වෙනි උපසිරැසිය දක්වා ඇවිත් තියෙනවා, ඉතින් මේ දක්වා විශාල රූපවාහිණි කතාමාලා ප්‍රමාණයකටත් දායකත්වය ලබාදෙන්න හැකි වුනා, ගොඩක් අය මාව අදුරගත්තේ ටින් වුල්ෆ් කතාමාලාවත් එක්ක, මේ දවල් වලනම් සීමිත රූපවාහිණි කතාමාලා සංඛාවකට තමයි දායකත්වය ලබා දෙන්නේ දැන්නම් ඉතින් විශ්‍රාම ගන්නත් කාලෙ ඇවිත්, ඉතින් අපිත් එක්ක ඉන්න, කමෙන්ට් එකකින් හරි අපිව ධෙර්යමත් කරන, ඒවගේම උපසිරැසි බාගත කරන හැම කෙනෙක්මත් මතත් කරන ගමන් චිත්‍රපටය දිහාට හැරෙමු,

චිත්‍රපටය ගැන වැඩි විස්තරයක් කරන්න ඕනෙ වෙන එකක් නෑ මම හිතන්නේ මොකද මේක ලොවපුරා ගොඩක් කතාබහට ලක්වුන සිනමා සිතුවමක්, ඒවගේම මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය 2014 වර්ශයේ Youtube හරහා වැඩිම වාර ගණනක් නැරබූ පූර්ව ප්‍රචාරක පටය බවට පත් වෙලා වාර්ථාවක් තැබුවා, මේක තිරගතවීම ආරම්භ කරලා තාම වැඩි දවසක් නෑ 2015 පෙබරවාරි මස 11 වෙනිදා තිරගතවීම ආරම්භකල මෙහි අධ්‍යක්ශණය සිදු කරලා තියෙන්නේ Sam Taylor-Johnson විසින්, E. L. James විසින් 2011 වසරේදි රචිත fifty shades of grey නවකතාව පාදක කරගෙන මෙය නිර්මාණය කරලා තියෙනවා, මෙහි ප්‍රධාන නළුවා විදියට Jamie Dornan, රංගනයෙන් දායක වෙලා තියෙනවා, The Social Network, 21 Jump Street, Need for Speed වගේ චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන Dakota Johnson මෙහි ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායක වෙලා තියෙනවා, ඒවගේම තවත් ජනප්‍රිය නළු නිළි කැලක් රංගනයෙන් දායක වන මෙය තවමත් තිරගතවෙමින් පවතින සිනමා නිර්මාණයක්, ඇමරිකානු ඩොලර් මිලියන 40ක පිරිවයකින් නිර්මාණය වුන මෙහි මේ දක්වා සමස්ත ආදායම විදියට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 485.8ක්. තවමත් මේ සළරුව බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථා වල ඉහලම රැදී සිටින්න සමත්කම් දක්වලා තියෙනවා, ඉතින් චිත්‍රපටය සුපිරි එකක් කියලා ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ, කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නේ නෑ, මොකද ඒක මෙහෙම ප්‍රසිද්දියේ කියන්න පුලුවන් කතාවක් නෙමෙයි , ඒවගේම මේකෙ ඇතුලත්වෙලා තියෙන දර්ශණ නිසා වයස අවුරුදු 21ට වැඩි අයට නරඹන ලෙස ඉල්ලීමක් කරනවා, මේ නිකුත් වෙලා තියෙන පිටපතේ ගොඩක් අසභ්‍ය කොටස් කපා හැරලා, හොද පිටපතක් ආව ගමන් යාවත්කාලින කරලා දෙන්නම් කැමති අය දැනටම මේක නරඹන්න, පොහොසත් කොල්ලෙත් එක්ක යාලුවෙන්න බලන් ඉන්න ගෑනු ලමයි මීට වඩා පරිස්සම් වෙන්න කියන අවවාදයත් එක්ක, මම ගිහින් එන්නම්, ජයවේවා!




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.