Khamoshiyan (2015) සිංහල උපසිරැසි සමඟ.




චිත්‍රපටියේ පුර්ව ප්‍රචාරක පටිය දැක්ක දවසේම උපසිරැසිය කරන්න අසාවක් වගේම මම කැමැති විදියේ කතාවක් කියලා හිතුන නිසාම හොද පිටපතක් නිකුත් වෙනකම් ඇඟිලි ගැන ගැන හිටියේ...ඒ වගේම මේ චිත්‍රපටියත් ඔයාලා කවුරුත් බලපු Murder චිත්‍රපටිමාලාව Raaz චිත්‍රපටිමාලාව හදපු Mahesh Bhatt ගේ චිත්‍රපටියක්... මම මුලින් හිතුවේ මේකත් ZID එක වගේ කතාවක් කියලා. නමුත් බලද්දි තේරුනේ හොල්මන් චිත්‍රපටියක් කියලා... චිත්‍රපටියේ නළු නිලියෝ නම් වැඩිය දැකපු අය නොවෙන්න පුලුවන්. සමහර හින්දි චිත්‍රපටිවල මොවුන් ඉදලා තියනවා. අපි දෙන හින්දි චිත්‍රපටි බලනවා නම් ඔවුන් ආගන්තුකයින් නෙමෙයි. ප්‍රධාන නිළිය නම් චිත්‍රපටිවලට අලුත්... චිත්‍රපටියේ කතාව ගැන කියනවා නම්...


නිහඩතාවයේ කොතරම් නම් රහස් සැගවිලා තියෙනවාද? අන්න ඒ වගේ සැඟවුන රහසක් ගැන තමයි මේ චිත්‍රපටියේ කියවෙන්නේ. කබීර් කියන්නේ නවකතා රචකයෙක්. මොහු බලාපොරොත්තු කඩවෙලා ඉන්න කෙනෙක්. ඒ මදිවට එයාගේ පෙම්වතියත් වෙන කෙනෙක්ව කසාද බැදලා. ඒ කෙල්ලට හොද පාඩමක් උගන්වන්න කියලා එයා එක්ක හිටපු විඩියෝ එකක් කබීර් දානවා ඉන්ටර්නෙට් එකට. කබීර් හිතුවේ ඒක දැකලා එයයි එයාගේ මහත්තයායි රණ්ඩුවේවි කියලා..එත් උනේ අනික් පැත්ත කබීර් ආදරය කරපු කෙනා කසාද බැදලා ඉන්න මනුස්සයා ඇවිල්ලා අර විඩියෝ එක නෙට් එකට දැම්මාට කබීර්ට හොදටම තඩිබලා යනවා...ඒ නම් මදැ..කබීර්ව දාලා ගිය ඒ කෙල්ල ඇවිල්ල කබීර්ට ලොකු දේශනාවකුත් දෙනවා..කෙල්ලෝ කතාවින් දිනන්න දක්ෂයි නේ. අන්තිමට කබිර්ටයි ජිවිතේම එපා වෙන්නේ. කොහොම හරි කබීර් හිතාගන්නවා ආපහු තමන් වැටුන තැනින් නැගිටින්න ඕන කියලා. ආපහු අලුත් හොද නවකතාවක් ලියන්න ඕන කියලා හිතලා කබීර් කෂ්මිර් වලට ටිකක් ලඟ පලාතකට යනවා. මේ පලාතේදි කබීර් හෝටලයක ලැඟුම් ගන්නවා. මේ හෝටලය අමුතු තැනක්...එකේ වෙන කවුරුත්ම නවාතැන් අරන් නැහැ..ඉන්නේ ගැහුණු කෙනෙකුයි එයාගේ අසනීප උන සැමියායි විතරයි...කබීර්ට මේ තැන මහා අමුතු තැනක් කියලා තේරුම් යනවා...ඒ අස්සේ කබීර් එතැන ඉන්න ගැණු ළමයාට ආකර්ෂණය වෙන්නත් පටන් ගන්නවා...හැබැයි කබිර් දැනගෙන උන්නේ නෑ එයා මේ අත දාන්න යන්නේ අවුරුදු ගානක් පරණ උන ලොකු අභිරහසකට කියලා... කබීර්ට මොනා වේවිද?....මේ පාළු හෝටලේ ඉන්න කෙල්ල කවුද? එතකොට එයාගේ අසනීප සැමියා.... ඇයි මෙතැන වෙන කවුරුත් නවාතැන් ගන්නේ නැත්තේ? විසදුම දැනගන්න මෙහෙම මේ කතාව කියව කියව නිහඬතාවයේ ගිලිලා ඉදලා වැඩක් නැහැ. ඔය පහල තියන කැමැති ටොරන්ට් එකක් අරන් සබ් එකත් අරන් කැමැති නම් කමෙන්ට් එකකුත් දාලා යන්න. තවත් හොද හින්දි චිත්‍රපටියකින් හමුවෙමු ඔිංං...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.