Night At The Museum: Secret Of The Tomb (2014) සිංහල උපසිරැසි සමඟ.





කොහොමද යාලුවනේ?මේ දවස් ටිකේම හිතපු නැති විදියට වැඩ වැටුනා ඒක නිසා මේ ෆිලුම ඔයාලට අරන් එන්න වෙලාවක් හොයා ගන්නත් අමාරු උනා එත් ඉඩක් ලැබුණු ගමන්ම තමයි මේක අරගෙන ආවේ.මේ චිත්‍රපටය ගැන නම් ඔයාලට අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නැහැ.හැමෝම මග බලාගෙන හිටපු Night at the Museum චිත්‍රපට මාලාවේ තුන්වන දිගුව තමයි මේ.ෆිලුම ගැන තව විස්තර ටිකක් කියන්න කලින් ෆ්ලෑෂ් කතාමාලාව නරඹන අයට පොඩි ආරංචියක් දෙන්නත් තියෙනවා ඒ තමයි ෆ්ලෑෂ් කතාමාලාවේ පහලොස්වෙනි කොටස විකාශ වෙන්නේ මාර්තු මස 17 වෙනි අගහරුවාද බව. එහෙනම් ෆිලුම ගැන තව ටිකක් විස්තර කරන්නම්.


හොඳයි මේ චිත්‍රපටයට IMDB මීටරේ 6.5 දක්වා කැරකිලා තියෙනවා.කලින් චිත්‍රපට වලට දෙවැනි වෙන්නේ නැහැ.රංගනයෙන් දායක වෙන්නෙත් කලින් චිත්‍රපට වලට රංගනයෙන් දායක උන අයම තමයි.එත් එයින් සමහරක් අය මේ වෙනකොට මියගිහින් තියෙන නිසා මේ චිත්‍රපට මාලාවේ අවසාන දිගහැරුම වෙන්න පුලුවන්.ඒ වගේම X-men චිත්‍රපට මාලාවේ වුල්වරින් චරිතයට පණ පොවන hugh jackman නුත් ආරාධිත රංගනයකින් දායක වෙනවා. චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් අපේ කෞතුකාගාරයේ පණ එන යාළුවෝ හැමෝම හදිසියේම නැවතත් ඉටි බවට හැරෙන්න පටන් ගන්නවා ඉතින් ලැරී මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියලා හොයන්න පටන් ගන්නවා තනියම නම් නෙවෙයි කස්ටියට මතකද මන්ද ලැරිට පුංචි පුතෙකුත් හිටියා හැබැයි දැන් නම් ඒ පුතණ්ඩියා පුංචි නැහැ ඉතින් ලැරී එයාගේ පුතා එක්ක එකතු වෙලා තමයි මේකට හේතුව හොයන්නේ හේතු හොයන්න ගිහින් දෙන්න වැටෙන කරදර ගැන වචනයෙන් නම් විස්තර කරන්න බැහැ.ඒ වගේම අපේ කෞතුකාගාරයේ යාලුවොත්
මෙයාලට උදව් වෙනවා.ඉතින් පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් විදියට මේ ෆිලුම හැමෝටම නරඹන්න අරාධනා කරන ගමන් මම යනවා,තවත් උපසිරසියකින් හමුවෙමු.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.