Nightcrawler (2014) සිංහල උපසිරැසි සමඟ,




ඔන්න මම කාලෙකට පස්සෙ තවත් සුපිරි චිත්‍රපටියක උපසිරැසි සමග ඔයගොල්ලො හම්බවෙන්න ආවා.මේකෙ සබ් දානකොට බොහෝවිට සිංහලට ගැලපෙන විදියට මෙන්ම කතාව තේරෙන විදියටයි දාල තියෙන්නේ. Nightcrawler 2014දී IMbd වල 8.0 ක අගයක් මෙන්ම ඔස්කා සම්මානයට නම් කෙරුණු චිත්‍රපටි වලින් එකක්.ඒ විතරක් නෙවෙයි Golden Globes,BAFTA වැනි සම්මාන උලෙළ සඳහා තේරුණු චිත්‍රපටියක්. මෙහි අධ්‍යක්ෂනය හා රචනය Dan Gilroy විසින් සිදුකර ඇති අතර,මේකෙ ප්‍රධාන චරිතය ඒ කියන්නේ Louis Bloom කියන චරිතය කරන්නේ Jake Gyllenhaal.මතක ඇතිනෙ Prince of Persia: The Sands of Time, Zodiac, Prisoners වැනි චිත්‍රපට ගනනාවක රඟ පෑ දක්ෂ නළුවෙක්. මේ චිත්‍රපටියෙත් ඔහු ඉතාමත් දක්ෂ රංගනයක යෙදෙනවා. තවද Rene Russo,Riz Ahmed වැනි නළු, නිළියන්ද මෙයට දායක වෙලා තියෙනවා. දැන් අපි කතාව පොඩ්ඩක් බලමු, Louis Bloom කියන්නේ හරිහමන් රස්සාවක් නැති, මොන දෙයක් හරි කරල හරි සල්ලි හම්බකරන්න පසුබට නොවන හාදයෙක්. ඒත් ලූ බ්ලූම් ට කවුරුවත් රස්සාවක් දෙන්න කැමති වෙන්නේ නෑ.දවසක් මිනිහ අහම්බෙන් දකිනව මාර්ග අනතුරක් වුනු අවස්ථාවක රූපවාහිනී වාර්තාකරුවන් ටිකක් ඇවිල්ල ඒක රූපගත කරනව. ඒ වෙලාවෙ ලූ ට තේරුම් යනව මේක සල්ලි හම්බ කරන්න හොඳ වැඩක් කියල. ඊට පස්සෙ කැමරාවකුයි පොලිස් ස්කෑනරයකුයි හොයාගෙන මිනිහත් වැඩේට බහිනවා.මුලදි පොඩියට තමයි වැඩේ පටන් ගන්නේ.මොහු කරන්නේ රාත්‍රී කාලයේ ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවන අපරාධ, අනතුරු රූපගත කරල මාධ්‍ය ආයතනවලට විකිණීමයි.

ඔන්න ඔහොම කරගෙන යනකොට මාධ්‍ය ආයතනයක අධ්‍යක්ෂකවරියක් වන නිනා Nina Romina හමු වෙනවා.ඇය ලූ බ්ලූම් ට කිසියම් තත්වයකට එන්න උදව් කරනවා.ඔය අතරවාරයේ ලූ , තව ගෝලයෙකුත් ගන්නවා. ඒවගේම කලින් තිබ්බ කබල් කාර් එක වෙනුවට පට්ට කාර් එකකුත් ගන්නවා. දැන් මොහුට තියෙන්නේ තමන්ගේ අරමුණ කරා හොඳින් හෝ නරකින් ලඟාවීමයි. කතාවෙන් බාගයක් කිව්වද කොහෙද ? මොහු ගැන ඇත්තටම කිව්වොත් මහ එපා කරපු එකෙක්, ඔබට චිත්‍රපටිය බලකොට තේරෙයි. 2014 ඔක්තෝම්බර් 31 තිරගත වීමට ආරම්භ කල මෙම චිත්‍රපටය, නොවෙම්බර් 01 වන විට ඇමෙරිකානු ඩොලර් 10,900,000 උපයාගෙන තිබෙනවා. මිනිත්තු 117 දක්වා දිවෙන මෙම චිත්‍රපටය, අවසානය දක්වා කුතුහලයෙන් ප්‍රේක්ශකයන්ව ඇඳ බැඳ තබා ගත හැකි චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. එහෙනම් තවත් සුපිරි චිත්‍රපටියක උපසිරැසි සමඟින් මුණගැහෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හසිත ඒකනායක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.