Oru Oorla Rendu Raja (2014) සිංහල උපසිරැසි සමඟ.




කාලෙකට පස්සේ ඔන්න මම ආයෙත් ආවා. මෙදා පාර අපේ අයට දමිල චිත්‍රපටියක් තමයි අරන් ආවේ. 2014 වර්ශයේ ආපු ෆිල්ම් දෙන්නත් කලින්ම 2015 ඒවත් හෝ ගාල එන්න ගත්තනේ. ඒත් 2014 ටික තව තියෙන නිසා මෙදා පාර අරන් ආව චිත්‍රපටියත් 2014 වර්ශයේ තිරගත උන එකක්. කතාව නම් නියමයි. එහෙනම් චිත්‍රපටිය ගැන ටිකක් කතා කරමු.

2014 වර්ශයේ නොවැම්බර් මස 7 වන දින ප්‍රථම තිරගතවීම ආරම්භ කරන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ R. Kannan විසින්. ඒ වගේම නිෂ්පාධනය තිර රචනය එහෙමත් එයාමයි කරලා තියෙන්නේ. රංගනය සඳහා දායක වන්නේ Vimal, Priya Anand, Soori යන අය. මේ චිත්‍රපටිය ප්‍රධාන නලුවන් දෙන්නෙක් ඉන්න එකක්. ෆිල්ම් එකේ නමේම තියෙන්නෙත් ඒකනේ. එක ගමක් රජුන් දෙන්නෙක් කියලා. ඉතින් මේ ෆිල්ම් එක් වෙනුවෙන් IMDB Rating 5.1 හම්බවෙලා තියෙනවා. චිත්‍රපටිය විනාඩි 137 දක්වා දිව යනවා. කතාව ගැනත් ටිකක් කියන්නම්

අපේ නලුවෝ දෙන්නා. ඒ කියන්නේ අලගු සහ මයික්. මේ දෙන්නා කෙල්ලෙක්ව පන්නන් යන්න ගිහින්. ඒක හරියන්නේ නැති වෙච්ච නිසා කෝච්චියකින් පැනලා යනවා. ඒ ගමනෙද කෙල්ලෙක්ව මුන ගැහෙනවා. දැකපු වෙලේ ඉදන්ම කෙල්ල ගැන ඇතිවෙන ආකල්ප නම් එච්චර හොද නෑ. කොහොම හරි පස්සේ සේරම හරි යනවා. මේ කෙල්ලව එක පාරටම කවුදෝ මරන්න හදනවා. ඒ ඇයි කියලා හොයලා බලද්දී එක ගමක තියෙන ස්ටීල් ෆැක්ටරි එකක තියෙන දූශනයක් ගැන නඩුවක් දාපු නිසා කියලා දැන ගන්නවා. ඒ නිසා මේ කෙල්ලව බේරගෙන උසාවි එක්ක යන වගකීම අලගු අර ගන්නවා. ආදරේ කරන කෙල්ල නිසා මේ දේ කරත් මයික් නම් මේකට මුලදී කැමති වෙන්නේ නෑ. මෙතනින් එහෙට මම කියන්න යන්නේ නෑ. ඔයාල අරන් බලන්නකෝ. මේ අයට ෆැක්ටරි එකට විරුද්ධව නඩුව දිනන් පුළුවන් වෙයිද, ෆැක්ටරි එක වැහිලා යයිද, එහෙමත් නැත්නම් අර කෙල්ලට මොකක් හරි කරදරයක් වෙයිද කියලා.

එහෙනම් මම යනවා. හැමෝටම සුබ දවසක්. ආයෙත් හොද ෆිල්ම් එකක් අරන් එන්නම් කියන ගමන් මම සමුගන්නවා
.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

  1. Maru Maru…………… Me Thawa Podi Request Ekak Thiyenawa. Karanna Puluwan nam Loku Udauwak. Kaanchana (muni 2) Tamil Film Eke Sub Eka Dennako. Please………………. Thank You Soo Much,

    ReplyDelete

Powered by Blogger.