Roy (2015) සිංහල උපසිරැසි සමඟ.



රන්බීර් කපූර්, අර්ජුන් රාම්පාල්, ජැකලීන් ෆරැනෑන්ඩේස් එක්ව රංගනයේ යෙදෙන පසුගිය වැලන්ටයින් දිනයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශණය කිරීම ඇරඹූ නවතම සිනමා නිර්මාණය වන Roy චිත්‍රපටය වික්‍රම්ජිත් සින්ග් නම් නවක අධ්‍යක්ෂකවරයාගේ පළමු සිනමා ආගමනයයි. Action, Drama, Romance ලෙස වර්ගීකරණය වී ඇති චිත්‍රපටයට සිනමාකරණයෙන් Himman Dhamija සහ සංස්කරණයෙන් Dipika Kalra දායකත්වය සපයා තිබෙනවා. මියුරු ගීත කිහිපයක්ම අන්තර්ගත වී ඇති මෙම චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී තිබෙන්නේ Amal Mallik. ප්‍රවීණ රංගන ශිල්පී අනුපම් කේර්ද සුළු චරිතයක් සඳහා රංගනයෙන් එක් වී ‍තිබෙනවා.

ආරම්භයේ පටන්ම මදක් පැටලිලි සහගත ලෙස ගලා යන කතාවකුයි ඔබට නරඹන්නට ලැබෙන්නේ. කබීර් (අර්ජුන් රාම්පාල්) කියන්නෙ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගෙ චිත්‍රපට සඳහා පිටපත් රචනා කරන්නේත් ඔහුමයි. ගන්ස් (තුවක්ක්) නම් චිත්‍රපට මාලාවේ 3වන චිත්‍රපටය රූගත කරන්නට ඔහු මැලේසියාවට ගිය ගමනෙදි ඔහුට තවත් චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් මුණගැහෙනවා. ඇය නමින් අයේෂා (ජැකලීන් ෆර්නෑන්ඩේස්)කබීර් ඇයත් සමගින් සුහදතාවයක් ඇති කරගන්නවා. කබීර්ට ඔහුගේ චිත්‍රපටයේ පිටපත කොයි අතකට ගෙනයා යුතු දැයි සිතා ගත නොහැකිව දෙගිඩියාවෙන් සිටින කාලයක අයේෂා සමගින් ඇතිවන සුහදත්වය ඔහුට පිටපත රචනා කිරීමෙහා ලා නව උද්යෝගයක් ඇති කරවන්ක් වෙනවා. සුහදත්වය කෙමෙන් කෙමින් ආදරයකට පෙරළෙනවා. නමුත් කබීර් පෙම්වතියන් ගණනාවක් ආශ්‍රය කළ කෙනෙක් බව දැනගත්තාට පසුව අයේෂා ඔහුගෙන් වෙන් වෙලා ආපසු ලන්ඩනයට යනවා. ඒ වෙන්වීම ‍නිසා කබීර්ට පිටපත සම්පූර්ණ කර ගැනීමට නොහැකිව චිත්‍රපටයේ රූගත කිරීම්ද අතරමග නවතා යලිත් ඉන්දියාව බලා යාමට සිදු වෙනවා.

ඒ කතාව එහෙම ගලාගෙන යන අතරේ ඊට සමාන්තරව තවත් කතාවක් ගලාගෙන යනවා. රෝයි (රන්බීර් කපූර්) කියන්නේ ලෝක ප්‍රසිද්ධ සිතුවම් හොරකම් කරන ලෝක හොරෙක්. පොලීසිය කෙතරම් උත්සාහ දැරුවත් රෝයිව කොටු කරගන්න ලැබෙන්නෙ නෑ. රෝයිගේ බොස් මැලේසියාවේ තිබෙන වටිනා සිතුවමක් සොරකම් කරගෙන ඒම සඳහා රෝයිව පිටත් කරලා යවනවා. ඒ සිතුවමේ වත්මන් හිමිකාරිය තමයි ටියා (ජැකලින් ෆර්නෑන්ඩේස්). රෝයි සිතුවම පැහැර ගන්න අදහසින් ටියා සමගින් මිත්‍රත්වයක් ගොඩ නගා ගන්නවා. ටියා රෝයිගෙ දැළේ පැටලෙනවා. ඇය රෝයිට අවංකවම ආදරය කරනවා. නමුත් අවස්තාවක් ලද සැණින් රෝයි සිතුවමත් ‍සොරා ගෙන පලා යනවා. මේ කතාව මොකක්ද? මේ කතා දෙක එකිනෙකට සම්බන්ද වෙන්නෙ කොහොමද කියන දේ චිත්‍රපටය අවසන් වන තුරු නැරඹුවාම දැන ගන්නට ලැබේවි. මුලින් ඇතිව තිබූ පැටලිලි සහගත බව අවසාන භාගයේදි නැති වේවි. කබීර් චිත්‍රපටිය ඉවර ‍කරන්නෙ කොහොමද? කබීර් - ‍අයේෂා ආදර කතාවටත් රෝයි - ටියා ආදර කතාවටත් මොන වගේ අවසානයක් තියේවිද යන වග නරඹන්නට ඇරයුම් කරන ගමන් මම සමුගන්නවා. ඔබට සුභ දවසක්! සතුටින් ඉන්න!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.