Shamitabh (2015) සිංහල උපසිරැසි සමඟ.




කොහොමද කස්ටිය?2015 පෙබරවාරි හය වෙනිදා තිරගතවීම ආරම්භ කරපු තවත් සුප්පා ෆිලුමක් ඔයාලට ඉදිරිපත් කරන්න තමයි මේ සුදානම,මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වෙලා දැන් දවස් දෙක තුනක් වෙනවා ඉඩක් ලැබුණු ගමන්ම තමයි මේක අරගෙන ආවේ.හරි එහෙනම් වැඩියේ වටේ යන්නේ නැතුව කෙලින්ම කතාවට බහිමු.

අන්තර්ජාතික චිත්‍රපට වර්ගීකරණයේ 7.3 ක අගයක් ලබා ගත්ත මේ සලරුවට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ හින්දි සිනමාවේ දැවැන්ත චරිතක් වන අමිතාබ් බච්චන් ඇතුළුව දනුෂ් සහ අක්ෂරා හසන්(ඔව් ඔව් බොලව් කමල් හසන්ගේ කෙලි පොඩ්ඩ තමයි) මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ චිත්‍රපටයේ මේ අය රංගනයෙන් දායක වෙන්නේ තමන්ගේ ඇත්ත නම් වලින්ම වීම.ඒ වගේම මේ චිත්‍රපටයේ Shamitabh කියන නම ගත්තොත් ඒක හැදිලා තියෙන්නේ dhanush ගේ නමේ අවසන් අකුරු දෙකෙන් සහ Amitabh bachchan ගේ මුල් නම එක් කරලා.අක්ෂරත් රංගනයෙන් දායක වෙන්නේ අක්ෂරා විදියටම තමයි හැබැයි මෙයාලගේ නම් එක උනාට චිත්‍රපටයේ කතාව නම් මෙයාලගේ සැබෑ ජිවිතයට සමාන නැහැ.දානේෂ් කියන්නේ පොඩි කාලේ ඉඳන් අපි වගේම ෆිලුම් පිස්සෙක් මෙයාට ඉන්නේ අම්මා විතරයි මෙයාගේ හීනේ තමයි මුම්බායට ගිහින් චිත්‍රපට නළුවෙක් වෙන එක මෙයා මේකට නොකරන දෙයක් නැහැ එත් කොච්චර ආස උනත් මෙයා තමන්ගේ අම්මව තනි කරලා මුම්බායට යන්නත් කැමති නැහැ එත් හදිසියේම මෙයාගේ අම්මා මිය යනවා.ඒ සිදු වීමෙන් පස්සේ මෙයා තීරණය කරනවා මුම්බායට ගිහින් තමන්ගේ හීන හැබෑ කරගන්න හැබැයි තවත් පොඩි කොස්සක් තියෙනවා මොකද මෙයා උපතින්ම ගොළුයි.දැන් කස්ටිය හිතනවා ඇති මේ යකාට පිස්සුද කියලා.මොකද ගොලුවෙක්ට තියා මේ හොඳට ඉන්න කෙනෙක්ටවත් බොලිවුඩ් චිත්‍රපටයක වීරයෙක් වෙන්න ලැබෙන්නේ බොහොමත් කලාතුරකින් නේ ඉතින් මුම්බායට යන දානේෂ්ට තමන්ගේ හීන හැබෑ කරගන්න පුළුවන් වෙයිද? අමිතාබ් සහ අක්ෂරා මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඔයාලට මේ ෆිලුම බලන්නම වෙනවා එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.