Tamilukku En Ondrai Aluthavum (2015) සිංහල උපසිරැසි සමඟ.




ඔන්න මම අද තවත් දමිළ උපසිරැසියක් අරගෙන ඔයාලව මුනගැහෙන්න ආවෙ, චිත්‍රපටය දිහාට හැරෙනවානම් මේක තිරගතවීම ආරම්භ කරලා තියෙන්නේ 2015 පෙබරවාවි 20 වෙනිදා, Rayappa අධ්‍යක්ශනය සිදු කරපු මෙහි නිශ්පාදනය සිදු කරලා තියෙන්නේ V. Chandran විසින්, මෙහි ප්‍රධාන නළුවා විදියට අපි උපසිරැසි ලබාදීලා තියෙන Vallinam චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කරන Nakul රංගනයෙන් දායක වෙලා තියෙනවා, ඒවගේම සහය නළුවෙක් විදියට Thurudan Police චිත්‍රපටයේ attakathi dinesh රංගනයෙන් දායක වෙලා තියෙනවා, සෙසු නළු නිළියන් විදියට Bindu Madhavi, Aishwarya Dutta, Sathish වගේ නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා, ඉන්දීය රුපියල් මිලියන 10ක වගේ ඉතා අඩු වියදමකින් තැනුන මෙය ඉන්දීය රුපියල් කෝටි 82ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථාවක් තබන්න සමත් වෙලා තියෙනවා, ඉතින් හිතාගන්න පුලුවන්නේ චිත්‍රපටය කොහොම එකක්ද කියලා, කතාව දිහාට හැරෙනවානම් මේක දමිළ අනිත් චිත්‍රපට වලට වඩා ටිකක් වෙනස් කතාවක් තියෙන චිත්‍රපටයක්, කතාවෙ චරිත හතරක් එකිනෙකාගෙ කාර්යන් එක්ක මාරාන්තික විදියට එකට බැදිලා ඉන්න කතාවක් මේකේ තියෙන්නේ මුකිල්ගේ පෙම්වතිය තමයි සිමී කියන්නේ, හැබැයි සිමී ඉන්නේ පොළව යට හිර වෙලා, එයා හිර වෙලා ඉන්න තැන ගලක් පුපුරවන්න කෙනෙක් සූදානම් වෙලා ඉන්නවා ඒ තමයි වාස්තු, ඒක පුපුරවලා දැම්මොත් එහෙම සිමී එතනම මිය යනවා, සිමිට එතනින් ගැලවෙන්න තියෙන එකම විදිය එයාගෙ ෆෝන් එකෙන් මුකිල්ට යවන කෙටි පණිවිඩය, හැබැයි මේ වෙනකොට වසන්ත් කියන කෙනා රටේම දුරකථන ජාල වලට සයිබර් ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වෙලා ඉන්නේ එයා ඒකට රාජා කියන ටැක්සියක් පදවන එයාගෙ මිතුරෙක්ට උදවුවට කතා කරනවා හැබැයි ඒ වෙනකොට රාජාගේ ටැක්සියේ ත්‍රස්ථවාදියෙක් නැඟලා ඉන්නවා බෝම්බයක් පුපුරවලා මුලු නඟරයම විනාශ කරන්න, හැබැයි මේ ප්‍රශ්ණයක්ම එකිනෙකට සම්බන්දයි, ඒ සම්බන්දය මොකද්ද, නඟරය බේරගන්න පුලුවන් වෙයිද, සිමීට ගැලවෙන්න පුලුවන් වෙයිද කියලා දැනගන්න, මේ චිත්‍රපටය නර්ඹලාම ඉන්න වෙනවා, වෙනස් විදියෙ සුපිරි කතාවක්, මේක මඟහැරගන්න එක ලොකු පාඩුවක් වෙයි, එහෙනම් මම අදට ගිහින් එන්නම්, තවත් උපසිරැසියක් එක්ක හමුවෙමු, ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.