The Imitation Game (2014) සිංහල උපසිරැසි සමඟ.




කොහොමද කස්ටිය?මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටය හැම කෙනෙක්ම නරඹන්න ඕන එකක් කියලා.මොකද මේ වගේ පට්ට ෆිලුම් නිර්මාණය වෙන්නේ කලාතුරකින් නිසා.මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ලෝක යුද්ධ සමයේ ජිවත් උන ගණිතඥයෙකුගේ ජිවිත කතාව.ඒ වගේම මෙම චිත්‍රපටයට හොඳම තිර රචනයට හිමි ඔස්කාර් සම්මානයත් හිමි උනා.මමත් මුලින් මේක නොබලන ලිස්ට් එකට දාලයි තිබුනේ කතාව බෝරින් එකක් කියලා හිතලා එත් හෙඩ්ස් අයියා කරමුද කියලා ඇහුවම ඔස්කාර් සම්මානයකුත් ලැබිලා තියෙන නිසා ඕන අවමගුලක් කියලා භාර ගත්තා.සබ් එක කරන්න ගත්තට පස්සේ තමයි මේක නොබැලුව නම් අපරාදයක් වෙන්නේ කියලා හිතුනේ.අපි හැමකෙනෙක්ම වගේ අද පාවිච්චි කරන පරිගණක බිහිවෙන්න අඩිතාලම වැටුන හැටිත් ඔයාලට මේ චිත්‍රපටයෙන් බලා ගන්න පුලුවන්.හරි එහෙනම් ෆිලුමේ කතාවයි රංගනයෙන් දායක වෙන අය ගැනයි පොඩ්ඩක් බලමුකෝ.

8.2 ක IMDB අගයක් හිමිකරගත්ත මේ සලරුවට රංගනයෙන් දායක වෙන්නේ Star trek Into darkness,Hobbit වැනි චිත්‍රපට මාලා වලට රංගනයෙන් දායක උන Benedict Cumberabatch ඒ වගේම Begin Again,Pirates of the cribbean වැනි චිත්‍රපට වලට රංගනයෙන් දායක උන Keira Knightley මේ දෙන්නගේ වැඩ ගැන ඉතින් හිතා ගන්න පුළුවන්නේ. චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය විසින් අලුත් බුද්ධි අංශයක් පිහිටුවනවා මෙයාලට ඕන වෙනවා නාසි හමුදාවන්ගේ පණිවිඩ වලට සවන් දීලා ඒවා පරිවර්තනය කරගන්න කණ්ඩායමක් එත් වැඩේ කියන්නේ මේ නාසීන්ගේ පණිවිඩ යැවෙන්නේ Enigma කියලා යන්ත්‍රයකින් මේකෙන් පණිවිඩ යවන්නේ මේලෝකේ සතෙකුට තේරුම් ගන්න බැරි විදියට ඉතින් හැමකෙනෙක්ම දන්නවනේ යුද්ධයක් දිනන්න නම් බුද්ධි අංශ තොරතුරු කොච්චර වැදගත් වෙනවද කියලා නමුත් මේ පණිවිඩ පරිවර්තනය කරගන්න බැරි නිසා බ්‍රිතාන්‍යය යුද්ධය පරාජය වෙන්න ඔන්න මෙන්න ඉන්නේ.ඉතින් මේ කණ්ඩායමට බැඳෙන කෙනෙක් තමයි ඇලන් ටියුරින් කියන්නේ මෙයා පට්ට වැඩ්ඩේක් ඒ උනාට මෙලෝ සමාජ ආශ්‍රයක් නැහැ.කස්ටිය හිතනවා ඇති දැන් හද්ද අංකල් කෙනෙක් කියලා.අපෝ නැහැ මෙයාට වෙන්නේ අවුරුදු විසි ගානයි මෙයා හිතන්නේ අනිත් අය හිතනවට වඩා වෙනස් විදියට මෙයාගේ කණ්ඩායමේ අනිත් අය නාසින්ගේ පණිවිඩ පරිවර්තනය කරන්න හදන අතරේ මේ ඒ පණිවිඩ පරිවර්තනය කරගන්න යන්ත්‍රයක් හදනවා.ඉතින් මට ඔච්චරයි ඔයාලට මේ කතාව ගැන කියන්න වෙන්නේ නැත්නම් බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැනේ.මේ හැමදෙයක්ම අස්සේ ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනවා.ඔයාලගේ රසවින්දනය පුළුල් කරන්න සබ් එකේ ටයිම් ලයින් එකෙත් පොඩි පිස්සුවක් කරන්න උනා එහෙනම් ඉතින් ඇලන් ටියුරින්ගේ ජිවිත කතාවේ ඉතුරු ටික ඔයාලටම බලන්න ඉතුරු කරලා චිත්‍රපටයේ එන එක වාක්‍යකුත් කියන ගමන් මම යනවා.තවත් උපසිරසියකින් හමුවෙමු.

"සමහරවෙලාවට කිසිම දෙයක් කරන්න බැහැ කියලා මිනිස්සු හිතන මිනිස්සුම කිසිම කෙනෙක්ට හිතා ගන්න බැරි දේවල් කරනවා."




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.