Waiting for Forever (2010) සිංහල උපසිරැසි සමඟ,




Love, Rosie (2015) චිත්‍රපටිය උපසිරැසි ගන්වන කොට ඉංග්‍රිසි ආදර කතාවලටත් ටිකක් හිත යන්න පටන් ගත්තා. ඒ නිසා තවත් ඒ වගේම ලස්සන ආදර කතාවක් කලොත් හොදයි කියලා හිතද්දි තමයි මේ චිත්‍රපටිය හම්බුනේ. මේක සැහෙන කාලේක ඉදන් කරන්න ආසවක් තිබ්බ චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඩවුන්ලොඩ් කරගෙන තිබ්බේ 2012 අවුරුද්දේ. නමුත් කරන්න වෙලාවක් වගේම ලැබුනේ නැහැ වගේම අමතක වෙලාත් ගියා. ඉතින් ඊයේ පෙරේදා මේක මතක් උනා නිසා මේ චිත්‍රපටියත් කරලා දුන්නොත් හොදයි කියලා හිතුන නිසා සබ් එක කරලා අරගෙන ආවා.


කතාව ගැන කියනවා නම් පිරිමි ළමයි කියන්නේ ආදරය කරන්න හොදටම දන්න අයනේ. ගැණු ළමයි වගේ නෙමෙයි නේ. කෙනෙක්ට ආදරය කරන්න ගත්තොත් හදවතින්ම එයාට ආදරය කරනවා කිසිම සිමාවක් රහිතවම. විල් කියන්නේ ඒ වගේ තරුණයෙක්. විල් පොඩි කාලේ ඉදන්ම එමාට ආදරය කරනවා. පොඩි කාලේ කියන්නේ මොන්ටිසෝරි යන කාලේම ඉදන් යාළුවෝ. විල් ගේ දෙමව්පියන් විල්ට අවුරුදු 10ක් වගේ වෙද්දි හදිසි අනතුරකින් මිය යනවා. මේ නිසා විල් නැදැ ගෙදරකට අරන් යනවා. ඒ පෙන්සල්විනියාවට. තමන්ගේ ගෙදරින් ගොඩාක් ඇතට...විල්ට ඒ නිසා එමාගෙන් වෙන් වෙන්න වෙනවා...අවුරුදු 15ක් ගෙවිලා යනවා එමා දැන් රුපවාහිනි නිවේදිකාවක්...මිට අවුරුදු දහකට කලින් විල් නැදැගෙදරකට එක්කගෙන ගියත් විල් එමා ගැන හොයන එක නතර කරන්නේ නෑ. කොටින්ම විල් තමන්ගේ ඉගෙනිමත් කඩාකප්පල් කරගෙන එමා පස්සෙන් එමා යන එන හැමතැනකටම යනවා. එමා හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් මේ නිසා කලත් විල් එමා පස්සේ ගිහින් හරියට ඉගෙන ගත්තෙත් නැති නිසා රැකියාවකුත් නැතුව ඔහේ රස්තියාදු ගහා ගහා ඉන්නවා. විල් හිතාගන්නවා මේ අතර එමාට කියන්න තමන් ඇයට පොඩි කාලේ ඉදන් ආදරය කරනවා කියලා. කොහොම හරි එමා විල්ව අවුරුදු 15කින් දැකලාත් නැහැ. නමුත් විල් හිතනවා එමාට අතිතය මතක ඇති...එමා තමන්ට ආදරය කරාවි කියලා. විල් ගේ මේ ක්‍රියාකලාපය නිසා විල්ගේ අයියාත් විල් එක්ක හිත හොදින් නෙමෙයි ඉන්නේ. කෙල්ලෙක් නිසා ඉගෙනිම කඩාකප්පල් කරගත්තා...ඒ මදිවට ඒ කෙල්ල මත්තෙම මැරෙන්න යනවා. කොහොම හරි විල් එනවා එමා හොයාගෙන තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්න... අර කලින් කිව්වා වගේ විල් බොක්කෙන්ම එමාට ලව් කලත් එමා මේ වෙද්දි කෙනෙක් එක්ක ආදරය සම්බන්ධකමක් කරගෙන යනවා...විල් මේ බවක් නොදැන එමාට තමන්ගේ ආදරය ප්‍රකාශ කරනවා....එමා විල් ගේ ආදරය තියා අඩුම ගානේ තමන්ගේ පොඩි කාලේ යාළුවා කියලාවත් විල්ව අදුන ගනිවිද? ඒකට උත්තර චිත්‍රපටිය බලලා හොයාගන්න.... මතක තියාගන්න හැම ආදර කතාවකම අවසානය හිතන තරම් සුන්දර නොවෙන්නත් පුලුවන්...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.