ලී මින් හෝ ගේ නවතම චිත්‍රපටය Gangnam 1970 (2015) සිංහල උපසිරැසි සමඟ.



මේ පාර ඔයාලට අරන් ආවේ මම ගොඩක් කාලයන් බලන් හිටපු සුපිරි ගණයේ කොරියාන් ක්‍රියාදාම චිත්‍රපටියක් ගංනම් බ්ලු (Gangnam Blues) වෙන විදියකට කියනවා නම් ගංනම් 1970(Gangnam 1970) මේ නම් දෙකෙන්ම මේ චිත්‍රපටය හඳුන්වනවා. මේ චිත්‍රපටියට අන්තර්ගත වෙන්නෙ 1970 කොරියාවේ සොල් නගරය හා ගංනම් සංවර්ධන ව්‍යාපෘතියක් මුලික කරගෙන දේශපාලන හා මැරකල්ලි විසින් සිදු කරන ක්‍රියාකාරකම් ගොන්නක්. මේ චිත්‍රපටයේ රඟපාන නළු නිළියන් ගැන කථා කරනවා නම් මුලින්ම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට තොරගෙන හිටියේ කොරියාවේ ජනප්‍රය නළුවෙක් වෙන Hyun-Bin (හියුන්-බින්) නමුත් අවසානයේ ප්‍රධාන චරිතයට පණ පෙව්වේ Lee Min-Ho(ඊ මින්-හො) මෙයා ලංකාවේ ගොඩක් අය දන්න නළුවෙක්. මිට අමතරව Kim Rae-Won(කිම් රේ-වොන්) වගේ කොරියානු ප්‍රධාන නළු නිළියන් කිහිප දෙනෙක් සහභාගි වෙලා තියනවා.මේ චිත්‍රපටය ගැන කථා කරනවා නම් මෙකේ ප්‍රධාන චරිතය කිම් ජොං-දේ(ඊ මින්හො) හා බෙක් යොං-කී කියන්නෙ අණාතයන් දෙන්නෙක් ඒ වූනාට මේ දෙන්නා සහොදරයන් වගේ. මේ දෙන්නා ජිවත් වෙන්නෙ කඩදාසි, බොතල් වගේ දෙවල් එකතු කරලා. එත් මේ දෙන්නාගේ අවාසනාවකට මේ දෙන්නට මැර කල්ලියක් එක්ක පැටලනේන වෙනවා. එහිදි ඒ කල්ලියේ නායකයා(කං ගිල්-සෝ) මේ දෙන්නව මේ අයගේ වැඩකට යොදා ගන්නවා එකෙදි බෙක් යොං-කි අතුරුදහන් වෙනවා. ඊට පස්සෙ කිම් ජොං-දේ එයාලේ අයියාව හොයාගෙන කං ගිල්-සො ගාවට යනවා. ඊට පස්සෙ එය කං ගිල්-සෝගේ පවුලේ කෙනෙක් වගේ ජිවත් වෙනවා. එත් කිම් ජොං-දේ මැරකල්ලි සාමජිකයෙක් වෙනවා ඊට පස්සෙ එයාගේ මැර ජිවිතයට මොනවද වෙන්නෙ. එයාගේ අයියට මොනවද වුනේ කියලා ඔයාලම බලලා තිරණය කරන්න. මේ චිත්‍රපටයේ හොඳ සටන් ජවණිකා ඇතුලත් වෙනවා එක නිසා කම්මැලි නැතිව බලන්න පුලුවන්. ඒ වගේම මේක 18+ කියලත් කියන්න ඔනේ ඒ ගැනත් පොඩ්ඩක් දැනුවත් වෙන එක හොඳයිනේ මෙකේ වැඩිහිටයන්ට පමණක් සුදුසු අවස්ථා කිහිපයක්ම තියන නිසා පොඩ්ඩක් කියන එක කොටත් හොඳයි කියලා හිතෙනවා. එහෙනම් ඔයාල මේක බලලා අදහසක් දෙන්නකො. ආයෙත් මේ වගේ නිර්මාණයකින් හමු වෙමු එතකම් zoom එකත් එක්ක ඉන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන HDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.