Mumbai Delhi Mumbai (2015) සිංහල උපසිරැසි සමඟ.




ඔන්න එහෙනම් අලුත් අවුරුදු දවසේ 2015 අලුත්ම චිත්‍රපටියක් තමයි අරන් එන්නේ.... මේ චිත්‍රපටියෙත් පිටපතක් ඇවිත් ටිකක් කල් වෙනවා. අවුලකට තිබ්බේ අන්තර්ජාලයේ තියන ඉංග්‍රිසි උපසිරැසි ගොනු මේ චිත්‍රපටියේ කොපියට ගැලපුනේ නැති එකයි.ඉතින් ටයිමින් හදලා චිත්‍රපටිය අරන් එන්න අදහස් කලා. මේ චිත්‍රපටියේ නළු නිලියන්නම් හින්දි දමිළ චිත්‍රපටි බලන ඔබට නවකයන් නොවේ.අලුත් නළු නිලියෝ හිටපු පමණින් චිත්‍රපටිය නම් මැනලා බලන්න යන්න එපා. මතක නේ මම දුන්න Amit Sahni Ki List චිත්‍රපටිය. ඒ වගේ නියමම කතාවක් මේ චිත්‍රපටියෙත් තියනවා... Shaitan හා Boss චිත්‍රපටිවල සහාය චරිත වලින් ඔබ හමුවට ආව Shiv Pandit මෙහි ප්‍රධාන නළුවා ලෙස රඟපාන අතර Backbench Student වැනි තෙලෙඟු චිත්‍රපටිවල රඟ පෑ Piaa Bajpa ප්‍රධාන නිළිය චරිතය රඟදක්වනවා.මේ චිත්‍රපටිය 2011 තිරගත වු Mumbai-Pune-Mumbai කියන මලයාලම් චිත්‍රපටිය ආශ්‍රයෙන් තමයි හින්දියට නැවත නිර්මාණය කරලා තියෙන්නේ

කතාව ගැන කියනවා නම්.. ප්‍රියා කියන්නේ පොඩ්ඩ ඇත්තම් තරඟා යන මහා කටකාර කෙල්ලෙක්. අම්මාගේ බලකිරිම මත ඇය මොම්බායි වල ඉදන් දිල්ලියට එනවා අම්මා යොජනා කරපු සිද්ධාර්ත් නම් තරුණයාව මුණ ගැහෙන්න ඔහුගේ ගෙදර යන්න. නමුත් මඟදි කරගන්න ලොකු පටලැවිල්ලක් නිසා ඇය ෆොන් එකත් නැති කරගන්නවා. පස්සේ ඇයට අහම්බෙන් මෙන් ගෝලීව හම්බවෙනවා. ඔහුගේ දුරකථනය ඉල්ලගෙන තමයි ඇය ගෙදරට ආපහු කතා කරලා යන්න ආපු ඇඩ්‍රස් එක ඉල්ලගන්නේ. කොහොම හරි අහම්බෙන් වගේ පාරේදි හම්බුන මේ ගෝලීට හුඟක් කරදර විදින්න වෙනවා ප්‍රියා නිසා. දෙන්නාට දෙන්නා දන්නේවත් නෑ. එත් කෙල්ලෙක් උදව් ඉල්ලදි මොන කොල්ලාද අහක බලන් ගියේ...ඒ නිසා ගෝලීත් ප්‍රියාට උදව් කරන්න ගිහිල්ලා සැහෙන ලොකු කට්ටක් කනවා. පොලිසියෙන් දඩ පවා කනවා...කොහොම හරි මේ දෙන්නා හම්බවෙලා ගෙවන පැය කිහිපයක කතාව තමයි මේ චිත්‍රපටියෙන් දිඟහැරෙන්නේ. කතාව නම් විනෝදෙන් බලන්න පුලුවන් වේවි...කෙල්ල කොහොමත් දිල්ලියේ කොල්ලන්ට කැමැති නැහැ...ගෝලී දිල්ලියේ කොල්ලෙක් නේ ඉතින් දෙන්නාට දෙන්නා රණ්ඩුවෙනවා කෙලවරක් නැතුව.අහම්බෙන් මෙන් මඟදි මේ මුණ ගැහුනගෝලී හා ප්‍රියා ආදරවන්තයෝ වේවිද? නැත්නම් හොද යාළුවෝ දෙන්නෙක් වේවිද? මේ දෙන්නා ගේ වලි වලින් කවුරු දිනයිද? ඒක නම් ඉතින් බලලාම තමයි දැනගන්න වෙන්නේ. ෆිල්ම් එක ගැන සැකයක් තියේ නම් ට්‍රේලර් එක බලන්නකෝ උඩ තියන...ගිහින් එන්නම් තව හොද චිත්‍රපටියක් අරන්


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.