The Woman in Black 2 (2014) සිංහල උපසිරැසි සමඟ.




මගේ 12වැනි උපසිරැසි නිර්මාණය ලෙස ඔන්න තවත් හොල්මන් චිත්‍රපටියක් අරගෙන ආවා. මේ The Woman In Black චිත්‍රපටි මාලාවේ දෙවැන්නයි. පලවෙනි කොටස බලලා තියනවා නම් මේ කතාව තේරුම් ගන්න නම් ටිකක් ලේසි වේවි. පලවෙනි කතාව අවසන් වෙන්නේ ආතර් හා ඔහුගේ ළමයාත් මේ හොල්මනගේ ක්‍රියාවක් නිසා දුම්රියේ හැපිලා මිය යන තැනින්නේ. කාලය ගතවෙලා යනවා. දෙවැනි ලෝක යුද්ධය ඇරබිලා...ඉතින් නගරයේ ජිවත් විම අවදානම් දෙයක්..මොකද රෑට නගරයට බොම්බ ගුවන් මගින් දාන නිසා. මේ නිසා ළමුන් නගරයෙන් ඇත තියන ගෙදරකට අරන් යන්නට ළමයි බලාගන්න තැනක පාලිකාවක් තිරණය කරනවා. මොවුන් මේ එන්නේ පලවෙනි කතාවේදි අපි දැක්ක සාපලත් අර විශාල නිවාසේට. හොල්මනක් ඉන්න තැනකට අපි ගියොත් ඒ හොල්මන හෙවනැල්ලක් මෙන් අපේ පස්සේ එනවා කියන කතාව ඔයාලා අහලා ඇති කියලා මම හිතනවා...ඉතින් මේ අය නවතින්නේ අර ගෙදර නිසා මේ නිවසේ ඉන්න හොල්මන මේ ළමයින් එකින් එක දඩයම් කරන්න ගන්නවා.මේ හොල්මන කොහොමත් ළමයින්ව මරන්න උත්සහා කරන්නේ කියලා පලවෙනි කතාවෙනුත් දකින්න ඇති නේ...ගියවර කතාවේ වගේ ඇය මේ ගෙදර ඉන්න සියළු දෙනාමත් බිල්ලට ගනිවිද? ඒක ඔයාලාට දැනගන්න පුලුවන් වෙන්නේ කතාව බලලාම තමයි..එහෙනම් තවත් හොද චිත්‍රපටියකින් හමුවෙන තුරු සමුගන්නම්.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.