Vajram (2015) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න අද අපි ඔයාලට තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් තමයි මේ ආවෙ, ෆිල්ම් එක ගොඩක් ජනප්‍රිය වුන එකක් නෙමෙයි ජනප්‍රිය නළු නිළියොත් නැහැ, හැබැයි නියම කතාවක් තියෙනවා ඒක නිසා තමයි අපි මේකට උපසිරැසි අරගෙන එන්න හිතුවෙ, මේ වගේ අපිට මඟහැරුන වෙනත් හොද චිත්‍රපට තියෙනවනම් අපිට දන්වන්න, චිත්‍රපටයෙ විස්තර දිහාට හැරුනොත් මෙහි අධ්‍යක්ශණය සිදු කරලා තියෙන්නේ Ramesh Selvan විසින්, P. Ramu විසින් අධ්‍යක්ශනය කර ඇති මෙහි නවක නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙනවා, මෙය තිරගතවීම ආරම්භ කරලා තියෙන්නේ 2015 පෙබරවාරි 27 වෙනිදා, කතාව දිහාට හැරෙනවානම් නව යොවුන් වියේ තරූණයන් හතර දෙනෙක් බන්ධනාගාර ගත කරනවා මෙයාලට චෝදනා එළ්ල වෙලා තියෙන්නේ එයාලත් එක්ක එකට ඉගෙනගත්ත ගෑනු ළමයෙක්ව දූශණය කරලා මරා දැමීම කියන චෝදනාව, මේ හතරදෙනාම බන්ධනාගාරයේ ඉන්න නිළධාරින් දෙන්නෙක් එක්ක ප්‍රශ්ණයක් ඇතිකරගන්නවා අන්තිමේදි මේ හතරදෙනා අතින් ඒ නිළධාරින් දෙන්නා බරපතල විදියට පහර කනවා, මේ සිද්දිය ගැන පරීක්ශණ පවත්වන්න ඉහළ පොලිස් නිළධාරියෙක් එනවා, මෙයා කරන්නෙ මේ තරුණයන් හතරදෙනා මැරුන විදියට එයාලගෙ නඩුව වහලා දාන එක, මේ පොලිස් නිළධාරියා නමට සෙල්වනායගම් කියන මහ ඇමතිවරයාගේ කෝටි 100ක දේපලක් පවරලා තියෙනවා ආදායම් බදු වලින් බේරෙන්න, හැබැයි ඇමතිවරයා ඒ කෝටි 100ක දේපල ආපහු මේ පොලිස් නිළධාරියාගෙන් ඉල්ලනවා, මේ නිසා මෙයා සැලසුම් කරන්නේ මහ ඇමතිට හොද හිත පෙන්නන ගමන් අර තරුණයන් හතරදෙනා ලවා මහ ඇමතිව පැහැරගන්නනිතින් කොහොමහරි වැඩේ හරියට වෙනවා, තරුණයන් හතරදෙනා පැහැරගැනීම කරනවා, ඒත් පොලිස් නිළධාරියා මහ ඇමතිවරයාගෙ ගෙදර යනකොට එයා ගෙදර ඉන්නවා, ඉතින් එතනින් එහාට කතාව විස්තර කරන්න යන්නේ නෑ, තරුණයෝ හතරදෙනා පැහරගන්නේ කාවද? එයාලා එහෙම පැහරගන්න හේතුව මොකද්ද? ඒක වැරදීමකින් වුන දෙයක්ද? ඇත්තටම මේ තරුණයො හතරදෙනා කවුද? පොලිස් නිළධාරියාට මොකක් වෙයිද? හිතපු විදියට හැම දෙයක්ම සිද්ද වෙලාද? වගේ ප්‍රශ්න ගොඩකට උත්තර මේ චිත්‍රපටය නැරබුවට පස්සෙ බලාගන්න පුලුවන්, කිසිම කැම්මැලිකමක් නැතුව හොදට රසවිදින්න පුලුවන් කතාවක් තියෙනවා, මේක මඟනොහැර අනිවාර්යෙන්ම නරඹන්න කියන ඉල්ලීමත් එක්ක මම ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙමු, ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.