Valiyavan (2015) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න සෑහෙන්න දවසකට පස්සේ චිත්‍රපටයක් උපසිරැසි ගන්වන්න අවස්ථාව ලැබුනා, ඒකත් අපේ දරේට දුන්න අල්ලසක් විදියට තමා කලේ, මේකනම් ආව දවස් වලමයි හිතාගත්තේ මම මේකෙ උපසිරැසිය දාන්නේ කියලා, ඒකට හේතුව තමයි මෙහි ප්‍රධාන නළුවා විදියට රංගනයෙන් දායක වන ජෙයි, ජෙයි කියන්නේ දමිළ සිනමාවේ ජනප්‍රිය නළු විජේගේ මල්ලි කියලා කොයි කවුරුත් දන්නවනේ, මම පෞද්ගලිකවම කැමති නළුවෙක් තමයි ජෙයි කියන්නේ, මෙයා අවසන් වරට රංගනයෙන් දායක වුන Vadacurry 2014 චිත්‍රපටයේ උපසිරැසි ලබාදුන්නෙත් මමමයි, ඉතින් වැඩි කතා නැතුව චිත්‍රපටය දිහාට හැරෙමු, මෙය තිරගතවීම ආරම්භ කරලා තියෙන්නේ 2015 මාර්තු 27 වෙනිදා, engeyum eppothum, ivan vera mathiri වගේ සුපිරි චිත්‍රපට රැසක් අධ්‍යක්ශනය කරපු M. Saravanan මෙහි අධ්‍යක්ශණය සිදු කරලා තියෙනවා, මෙහි ප්‍රධාන නළුවා විදියට මම කලිනුත් කිව්වා වගේ Raja rani, Thimanan Ennum Nikkah වගේ චිත්‍රපට වල රංගනයෙන් දායක වුන ජෙයි රංගනයෙන් දායක වෙලා තියෙනවා, ප්‍රධාන නිළිය විදියට ජනප්‍රිය නිළි ඇන්ඩ්‍රියා ජෙරමියා රංගනයෙන් දායක වෙලා තියෙනවා, කතාව ගැන කෙටියෙන් හදුන්වනවානම්, චිත්‍රපටයක වුනත් සැබෑ ජිවිතේදි වුනත් කෙල්ලෙක් ඉස්සරහට කොල්ලෙක් ගිහින් ආදරේ ප්‍රකාශ කරනවා මිසක් කෙල්ලෙක් ගිහින් කොල්ලෙක්ට ආදරේ ප්‍රකාශ කරන්නේ නෑනේ, එහෙම කලත් කොල්ලෙක් වගේනම් ඒක ගනන් ගන්නේ නෑ, විහිලුවට කරපු දෙයක් කියලනේ හිතන්නේ, ඔන්න ඔය වගේ දෙයක්ම අපේ කතානායකයා විනෝද්ට (jai) සිද්ද වෙනව, විනොද් කියන්නේ බැංකු අළෙවිකරණ නිළධාරියෙක් විදියට රැකියාව කරගෙන යන කෙනෙක්, දවසක් මෙයා පදික උමඟක් ඇතුලෙන් යනකොට හරිම ලස්සන හැඩ කෙල්ලෙක් ඇවිත් හෙන ගැහුවා වගේ මෙයාට I Love You කියනවා, මම කලින් කිව්වා වගේම විනෝද් ඒක ගනන් ගන්නේ නෑ, හැබැයි ටික දවසක් යනකොට විනෝද්ට හිතෙනවා මේ ගෑනු ලමයා කවුද කියලා හොයාගන්න, ඉතින් මෙයා කරන්නෙ එදා ඒ ගෑනු ලමයා මුනගැහුන වෙලාවට හැමදාම උමගට ඇවිත් ඉන්න එක, හැබැයි ගෑනු ලමයනම් නෙමෙයි එතනට එන්නේ, ඔන්න ඉතින් ගෑනුලමයා කොහොමහරි හම්බුනා කියමුකෝ මෙතන තියෙන්නේ ඊට වඩා කතාවක්, විනොද්ට ඔලිම්පික් රිදී පදක්කම් දිනපු ක්‍රීඩකයෙක් එක්ක බොක්සින් ගහන්න සිද්ද වෙනවා, හැබැයි ඒකත් අහම්බෙන් සිද්ද වුන දෙයක් නෙමෙයි, පැති කීපයකින්ම විනෝද්ට ඒක සම්බන්ද වෙනවා, ඇත්තටම මේ ගෑනු ළමයා කවුද? විනොද්ට එයාව හොයාගන්න පුලුවන් වෙයිද? එයා විනෝද්ට ආදරෙයි කියපු හේතුව මොකද්ද? බොක්සින් ශූරයෙක් එක්ක විනෝද්ට සටන් කරන්න සිද්ද වෙන හේතු මොනවද? මේකට තියෙන සම්බන්දය මොකද්ද? වගේ ගැටළු ගොඩක් විසදගන්න පුලුවන් මේක නැරඹුවට පස්සෙ, ක්‍රියාදාම ත්‍රාසය, කුතුහලය විනෝදය, සපිරුණු හොද රසවින්දනයක් ලබාගන්න පුලුවන් නිර්මානයක් විදියට මේක හදුන්වන්න පුලුවන්, මේක මඟනොහැරගන්න එපා කියන ඉල්ලීමත් එක්ක ගිහින් එන්නම්, ඇරෝ එකත් එක්ක හම්බවෙමු, ජයවේවා!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.