Barkha (2015) සිංහල උපසිරැසි සමඟ,




සබ් දෙන්න කියලා ආව ඉල්ලිමක් තමයි මේ ඉටු කරන්න හදන්නේ...මේ චිත්‍රපටිය නෙමෙයි මේ දවස් වල කර කර නම් හිටියේ. ඒ චිත්‍රපටියත් හැකි ඉක්මනින්ම දෙන්න පොරොන්දු වෙනවා. ඊට කලින් 2015 ආව මේ චිත්‍රපටිය ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න හිතුවා. ප්‍රධාන චරිත ලෙස Sara Loren හා Taaha Shah රංඟනයෙන් දායක වෙනවා. Sara Loren රඟපාන ලද Murder 3 චිත්‍රපටිය අපි ඔයාලාට දුන්නා මතක ඇති ඒ වගේම ප්‍රධාන චරිතය කරන Taaha Shah විසින් රංඟනයෙන් දායක වන Luv Ka The End චිත්‍රපටියටත් අප උපසිරැසි දිලා තියනවා...

කතාව ගැන කියනවා නම් ජතින් නිවාඩුවට හිමාචල් වලට යනවා එහෙදි ජතින්ගේ කැමරාව ඔහු අතින් නැති වෙනවා. ඒ වගේම ඒ ගැන පැමිණිලි කරන්න ඔහු පොලිසියට යනවා. පොලිසියේදි ඔහු ගැණු ළමයෙක්ව දකිනවා...ඒ වගේම ඒ ගැණු ළමයා ජතින්ගේ නැතිවුන කැමරාවත් පොලිසියට දිලායි යන්නේ...නමුත් ඒකට ජතින්ට ඇයට ස්තුති කරන්නවත් බැරි වෙනවා. නිවාඩුව අවසන් කරලා ජතින් නැවත මුම්බායි වලට එනවා...ජතින් නැවතත් අර හිමාචල් වලදි දැක්ක ගැණු ළමයාව මුම්බායි වලදි දකිනවා...ඒ වගේම ඇයට ස්තුති කරන්න ගියාම ඇය ජතින්ව ගනන් ගන්නේවත් නෑ වගේම ස්තුති කලාට කිසි ගානක් ගන්නෙත් නෑ... ජතින්ට මේ දැක්ක ගැණු ලමයාට ආදරයකුත් ඇතිවෙනවා...එත් දවසක් ජතින් මේ ගැණු ළමයාව රාත්‍රි සමාජශාලාවක දකිනවා...ඒ විතරක් නෙමෙයි ඇය එතැනට එන පාරිභෝගිකයන්ව සතුටු කරන්න එතැන නටන කෙනෙක් කියලාත් ජතින් දැනගන්නවා..නමුත් ජතින් හිතනවා ඇයව මේ තැනින් ගලවගෙන ගිහින් හරි කමක් නෑ කසාද බදිනවා කියලා...නමුත් මේ ගැණු ළමයාගේ සැඟවුනු අතිත කතාවක් තියනවා කියලා ජතින් දැනගන්නේ මේ අතර වාරයේදි තමයි....

ඔන්න එහෙනම් මේ චිත්‍රපටි ඉල්ලිමත් ඉටු කලා...කැමැති අය ෆිල්ම් එකේ ට්‍රේලර් එකත් බලලාම ෆිල්ම් එක බාගන්න...ඒ වගේම තවත් කැමැති චිත්‍රපටි තියේ නම් දන්වලා එවන්න පුලුවන්...කැමැති නම් ෆේස්බුක් එකට හරි ඔයාාල කැමැති ෆිල්ම් තියනවා නම් එවන්න පුලුවන්...‍ ෆෙස්බුක් තුලින් සම්බන්ධ කරනවා නම් මේ මෙතැනින් පිවිසෙන්න...එහෙනම් අපි ගියා ඔිං... තව ෆිලුමක් ඉක්මනින්ම අරන් එන්නම්



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන WEBRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.