The SpongeBob Movie Sponge Out of Water (2015) සිංහල උපසිරැසි සමඟ



ඕන්න කාලෙකට පස්සෙ ඇනිමේෂන් චිත්‍රපටයක් එකක් අරගෙන ආවා. ස්පොන්ජ්බොබ් චිත්‍රපටයක් එනකල් ලොකු පොඩි හැමෝම අවුරුදු 11ක් බලාගෙන හිටියා මුලු ලෝකෙම. ඉතින් චිත්‍රපටය පසුගිය ජනවාරි මාසයේදි නිකුත්වුනා.

ඉතින් හැමදාම වගේ බිකිනි බොටම් සතුටින් ඉන්න නගරයක්නේ. සුපුරුදු පරිදි ක්‍රස්ටි ක්‍රැබ් එකේ අයත් තමන්ගෙ වැඩ කරගෙන ඉන්නවා. ඒත් ප්ලෑන්ක්ටන් මේ සැරේ ඉතාම සැහැසි සැලසුමක් එක්ක ක්‍රස්ටි ක්‍රැබ් එක ඇතුලට රිංගනවා. ඒ මොකටද කියලා කියන්නත් ඕන නැතුව ඇති. එයා, ක්‍රැබි පැටී වට්ටෝරුව හොරකම් කරන්න තමයි මේ සැරෙත් උත්සහ කරන්නෙ. ඒත් ස්පොන්ජ්බොබ්, ක්‍රැබි පැටි වට්ටෝරුව හොරකම් කරන්න හදන එක නවත්තනවා වෙනදා වගේම.ඒ වුනාට මේ සැරේ අමුතු දෙයක් සිද්ද වෙනවා. වට්ටෝරුව එකසැරේටම අතුරුදහන් වෙනවා. ඒක ප්ලෑන්ක්ටන්ගෙ සැලසුමක් නෙවෙයි හැබැයි. ස්පොන්ජ්බොබ්ට හිතාගන්නත් බෑ ප්ලෑන්ක්ටන්ට හිතාගන්නත් බෑ කොහොමද ඒක වුනේ කියලා. වට්ටෝරුව නැතුව බිකිනි බොටම් සම්පූර්ණයෙන්ම විනාස වෙනවා. හැමෝම, හැමෝටම විරුද්ධව සටන් කරනවා.

ස්පොන්ජ්බොබ් වට්ටෝරුව කොහොමහරි හොයාගන්න පිටත්වෙනවා. ඒ තනියම නම් නෙවෙයි. ඔවුන් අතීතයට යනවා, අනාගතයට යනවා, අහසටත් යනවා. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ට පිටත ලෝකයටත් යන්න පුලුවන් වෙනවා!පසුගිය චිත්‍රපටයටත් වඩා විහිලු ගොඩක් එක්ක, මේ සැරේ චිත්‍රපටය ලස්සනටම හදලා කියලා කියන්න පුලුවන්. අපේ පොඩිත්තෝ වගේම ලොකු අයත් මේ චිත්‍රපටය ගොඩක් ආසා නිසා තමයි මේක අරගෙන ආවේ. තවත් චිත්‍රපටයකින් ඉක්මනින්ම හමුවෙමු. ජයවේවා!




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.