භූත ආත්ම සක්‍රීය කාලය 3 AM (2014) සිංහල උපසිරැසි සමගින්




තවත් හොල්මන් චිත්‍රපටියක් අරගෙන තමයි ආවේ..මෙහි ඇතැම් නළු නිලියන් නම් ඔබට තරමක් හුරු පුරුදු වෙන්න පුලුවන් සමහර විට නැති වෙන්න පුලුවන් මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළියගේ චරිතය කරන Anindita Nayar නිළිය Amit Sahni Ki List හි ප්‍රධාන චරිතය කලා මතක ඇති...

කතාව ගැන කෙලින්ම කියන්නම් කෝ... මේ චිත්‍රපටියට මුලින්ම 3 am කියලා නම දාලා තියෙන්න හේතුවක් තියනවා ඒ පුරාණ පොතපත වල සදහන් වෙනවා හොල්මන්,ප්‍රේතයන්, භුත ආත්ම වැඩි පුරම සක්‍රිය වෙන්නේ අළුයම 3ට කියලා.. මේ වෙලාවට තමයි රාත්‍රියේ ගොඩක්ම අදුරුම වෙලාව... ඒ නිසාම තමයි මේ චිත්‍රපටියට ඒ නම දාන්න හේතුවෙලා තියෙන්නේ.... චිත්‍රපටියේ කතාව පැත්තට හැරෙනවා නම්, සනී සයිරස් හා රාජ් කියන්නේ රුපවාහිනි නාලිකාවක රියැලිටි ෂෝ කරන තුන්දෙනෙක්.. සනීගේ පෙම්වතිය තමයි සාරා...මොවුන් දෙදෙනා ලඟදි විවාහ වෙන්න ඉන්නේ..සාරා කියන්නෙත් වාර්තාකාරියක්...ඇය දිනක් සනී ට පවසනවා අතහැරලා දාලා තියන රුද්‍ර මිල්ස් නැමැති ගොඩනැගිල්ලක හොල්මන් ගවේශනය කරන්න යනවා කියලා... එතැන ඇත්තටම හොල්මන් ඉන්නවාද නැත්ද කියලා හොයලා බලන්න... නමුත් මෙහෙම යන සාරා කවදාවත් ආපහු පන පිටින් එලියට එන්නේ නෑ...සාරාට උන දේට මොකක් හරි අද්භුත බලවේගයක්ම බලපාන්න ඇති කියලා සනී දැඩිව විශ්වාස කරන්න ගන්නවා..සනී හිතනවා සාරාට උන දේ දැනගන්න පුලුවන් මේ අතහැරලා දාලා තිබ්බ බිල්ඩිමට ගිහින්ම තමයි කියලා...ඒ නිසා සනී තමන්ගේ පෙම්වතිය කලා වගේ හොල්මන් ගැන ගවේෂනය කරන රුපවාහිනි වැඩසටහනක් කරන්න හිතනවා..එහෙම හිතලා අර පාළු බිල්ඩිමටම යනවා...කෙමෙන් කෙමෙන් අදුර වැටෙන්න ගන්නවා...තමන් මේ ගත්තේ භයානක අවධානමක් කියලා සනීට තේරුම් යද්දි සියල්ල සිදුවි හමාරයි...ඇත්තටම මේ පාළු බිල්ඩිමේ කවුද ඉන්නේ? සනී ගේ පෙම්වතිය වන සාරාව මරලා දැම්මේ කවුද? සනී තමන්ගේ ජිවිතය බේරගෙන මේ අභිරහස විසදාවිද? බලන්නකෝ අරන් එහෙනම්...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.