Echoes (2014) සිංහල උපසිරැසි සමගින්



මම පොරොන්දු උනා නේ විවේක දවසක් ලැබුන ගමන් සබ් එකක් අරන් එන්නම් කියලා..ඉතින් ඉරිදා නිවාඩු දවසේ සබ් එකක් කරලා දෙන්න කියලා හිතුවා...ඉතින් සෙනසුරාදා රෑ තමයි මම මේක කරලා දෙන්නම් කියලා කිව්වේ.මොකද බාරගෙන නොදි ඉන්නත් බැ නේ...මේ මගේ 7වැනි උපසිරැසි ගැන්වීම. චිත්‍රපටිය ගැන කියනවා නම් මේක හොල්මන් චිත්‍රපටියක් වගේ තිබුනාට මේක ත්‍රීලර් ඝනයට ගොඩාක් බර චිත්‍රපටියක්.යම් කිසි අභිරහසක් ගැන තමයි චිත්‍රපටියේ කතාව වෙන්නේ... ඇනා කියන්නේ ලේඛිකාවක්. ඇයට පොඩි කාලේ ඉදන් පුංචි රෝගයක් තියනවා ඒක තමයි රාත්‍රියට නපුරු හීන පේන එක.ඇයට එවා සැබැම එවා වගේ පෙනවා.හැබැයි නැගිට්ටම තමයි දැනගන්නේ එවා හීන කියලා. ඇය ගොඩක් වෙලාවට තමන්ගේ පොත පත් වල රචනා කරන්න ගන්නෙත් මේ දකින හිනමයි.ඇයගේ පෙම්වතා තමයි පොල් කියන්නේ.ඇනා ටිකක් ආතතියෙන් වගේ ඉන්න නිසා පොල් තිරණය කරනවා ඇයව නගරයෙන් ටිකක් දුර තියන නිවසකට එක්කගෙන යන්න...ඇනාත් මේකට කැමැති වෙනවා.පොල් හා ඇනා දෙන්නාම මේ නිවසට ගිහින් දිනක් දෙකක් ගත කරද්දි පොල්ට අත්‍යාවෂ්‍ය රාජකාරියක් සදහා නැවතත් නිව්යොර්ක් වලට යන්න වෙනවා.ඇනා කියනවා ඇය මේ නිවසේ තනියම ඉන්නම් පොල්ට ගිහින් ඉක්මනට එන්න කියලා.ඇනාගේ තනියට ෂැඩෝ කියලා ලස්සන බව්වෙකුත් තියලා යන්නේ.පොල් ගිහින් දිනක් ගෙවි යද්දිම ඇනාට නිවසේ යම් යම් අමුතු දේවල් වෙනවා කියලා දැනෙන්න ගන්නවා..ඇය හිනෙන් වගේ දකින එවා සැබැ වෙන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි නිදන කාමරයේ විදුරුවේ පවා අංක වඟයක් කවුරු හරි ලියලා. ඇනා වහාම පොල්ට කොල් එකක් අරන් තමන්ව අරන් යන්න එන්න කියනවා. ඒ වගේම ඇනා අද්භුත සිදුවිම් ගොඩකටත් මුණ දෙන්න ගන්නවා.

මෙතැනින් එහාට කතාව කියන්නේ නෑ ඔයාලාම අරන් බලන්න... චිත්‍රපටියේ ට්‍රේලර් එක බලලාම චිත්‍රපටිය ගන්න...අනිවාර්යෙන් ට්‍රේලර් එක බැලුවොත් නම් චිත්‍රපටිය බලන්න ආසාවක් හිතේවි..එහෙනම් ලබන ඉරිදා හරි ඊට කලින් දවසක හරි තව නිවාඩුවක් ලැබුන ගමන් තවත් චිත්‍රපටියක් අරගෙන එන්නම්...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.