Pressure (2015) සිංහල උපසිරැසි සමඟ.




ඔන්න එහෙනම් තවත් උපසිරසියත් ගෙනාවා.සුපිරිම සුපිරි Thriller ෆිල්ම් එකක්.කොච්චර සුපිරිද කියනවා නම් මම වෙනදාට කරන්නේ සබ් ලයින් එකෙන් එකට ෆිල්ම් ඒක බලන ගමන් පරිවර්තනය කරන එකයි.එත් මේකේ ලයින් 10ක් විතර යද්දී වැඩ ඔක්කොම නතර කරලා පැත්තකට වෙලා ෆිල්ම් ඒක බැලුවා.ඊළගට මොකද වෙන්නේ කියලා සිතා ගන්න බැරි තරම්....මේ ෆිල්ම් ඒක ගැන විස්තර ටිකක් කියනවා නම්,තිරගත් වීමට ආරම්භ කළේ 2015.06.12 වෙනිදා ඇමෙරිකාවේදී .iMDB රේටින් 6.2 ක් ලැබිලා තියෙනවා ,thriller ගණයට තමයි අයිති වෙන්නේ.විනාඩි 91 ක් පුරාවට දුවන මේ ෆිල්ම් ඒක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රොන් ස්කල්පෙලෝ විසිනි.මෙහි විශේෂම දේ තමයි 100% ක්ම ෆිල්ම් ඒක රූ ගතවෙලා තියෙන්නේ මුහුදේ පමණක් සහ 90% පමණ කුඩා උප යානාවේ තුල වීමත්ය.

කතාව ගැන කියනවා නම්,පළපුරුදු මුහුදු කිමිදුම් කණ්ඩායමකට මුහුදු පතුලේ තිබෙන තෙල් නලයක පිපිරීමක් අලුත්වැඩියා කරන්න භාර වෙනවා.හතර දෙනෙකුගෙන් සමන්විත මේ කණ්ඩායම මුහුදු පතුලලේ අදාළ ස්ථානයට කුඩා උප යානාවක් මගින් නැවේ සිට බසිනවා.ඉන් පසු අලුත්වැඩියාව පටන් ගන්නවා . මේ අතරතුර නැව කුනාටුවකට හසු වෙලා මුහුදු බත් වෙලා එහි සිටි සියලුම දෙනා මිය යනවා.මුහුදු පතුලේ සිටින කණ්ඩායමට සන්නිවේදන සම්බන්ධතාව නැතිවෙනවා පමණක් නොවෙයි අවශ්‍ය ඔක්සිජන් පවා හිග වෙනවා.ඉතිං මේ කණ්ඩායම කොහොමද මතුපිටට එන්නේ , කි දෙනෙකුට එන්න ලැබෙනවද , උප යානාවේ තුල සිරවෙලා සිටින විට මොනවද වෙන්නේ කියලා දැනගන්න ෆිල්ම් ඒක ඉවරවෙනකම්ම බලන්න.එහෙනම් යන්න කලින් අදහස් ටිකත් දාලම යන්න,තවත් සබ් එකකින් හමුවෙමු.ඔබට ජය................



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුමේධ සම්පත් අනුරාධ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.