අඩුම කාළයක් තුල (පැය 35ක්) කෝටි 100ක් උපයාගත් ප්‍රථම ඉන්දීය චිත්‍රපටය Baahubali (2015) සිංහල උපසිරැසි සමගින්



චිත්‍රපටය -Bahubali
අධ්‍යක්ශණය -SS Rajamouli (Eega. Maghadheera)
වර්ගීකරනය -ක්‍රියාදාම, ත්‍රාසජනක, යුද, වීරක්‍රම, ඉතිහාස කතා,
රංගන දායකත්වය -Prabhas (Rebel, Mirchi)
-Rana Daggubati (Baby)
-Anushka Shetty (Lingaa, Rudramdhevi)
-Tamanna Bhatia (Aagudu, Entertainment)
IMDB- 9.4/10


හොලිවුඩයට අභියෝග කරන්න පුලුවන් ඉන්දීය නිර්මාණ අතලොස්ස අතරට එක්වන නවතම චිත්‍රපටයත් අරගෙන තමයි අද මම ආවෙ, මේ දිනවල ලොව පුරා සිනමා රසිකයන්ගේ ඉතා විශාල අවධානයක් දිනාගන්න සමත් වුන නිර්මාණයක් තමයි මේ බහුබාලි එහෙමත් නැත්නම් ආරම්භය කියලා කියන්නේ, මේක ආරම්භක දිනයේම වාර්තා රැසකට සමත්කම් කියුවා, ඉන් සුවිශේෂම වාර්තාව තමයි ඉන්දියාවේ මෙතෙක් අඩුම කාලයකදී කෝටි 100ක් උපයාගත් චිත්‍රපටය බවට පත්වීම, පැය 35ක් ඇතුලත තමයි මේ කෝටි 100 උපයාගන්න සමත්වෙලා තියෙන්නේ, ඒවගේම ඉන්දියාව තුල පමණක් තිරගතවීම ආරම්භ කල දිනයේදි ඉන්දීය රුපියල් කෝටි 50ක මුදලක් උපයාගන්න සමත්වුනා, ඒ ශාරුක් ඛාන්ගේ Happy New Year චිත්‍රපටයේ කෝටි 45ක ආදායම් වාර්තාව අභිබවා යමින්, මේක ගොඩක් සුවිශේෂ චිත්‍රපටයක් නිසා මෙහි සදහන් ගොඩක් අය නොදන්න සුවිශේෂ කරුණු කීයපක් අරගෙන එන්න හිතුවා,


[*]මේ දිනවල අති සාර්ථකව තිරගතවන Jurassic World චිත්‍රපටයේ VFX නිර්මාණය කරපු කණ්ඩායමමයි මෙහි VFX සිදු කරලා තියෙන්නේ,
[*]මෙහි පසුතලය නිර්මාණය කරන්න දිනකට 1000 දෙනෙක් සේවයේ යොදවලා දවස් 200ක් ගතවෙලා තියෙනවා, ඒ හෙක්ටයාර 20ක වපසරියක,
[*]මෙහි තමයි ඉන්දීය චිත්‍රපටයක ප්‍රථම වතාවට AMD processors භාවිතයෙන් VFX සහ animation සිදු කරලා තියෙන්නේ
[*]කෝටි 100කට අදික බරපැනකින් නිර්මාණය වුන ප්‍රථම තෙලුඟු චිත්‍රපටය තමයි බහුබාලි කියන්නේ, මෙහි දෙවෙනි කොටස වෙනුවෙන් කෝටි 250ක ඇස්තමේන්තුවක් සිදු කර තිබෙනවා,
[*]හයිද්‍රාබාද් සිනමාශාලාවක මෙය තිරගතවෙන්න කලින් කෝටි 1.2ක් වටිනා ආසන වෙන්කිරීම් සිද්ද වෙලා තියෙනවා,
[*]*Rana Daggubati ඔහුගේ චරිතය වෙනුවෙන් 32kb බර වැඩිකරගෙන තියෙනවා,
[*]ලොව විශාලතම චිත්‍රපට පෝස්ටරයට හිමි වාර්ථාවට හිමිකම් කියන්නේත් මෙම චිත්‍රපටයයි,
[*]මෙය නිර්මාණය කිරීමට වසර තුනකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා
[*]මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන ප්‍රබාශ්ගේ ශරීරය නිර්මාණය කිරීම සදහා වැයවී ඇති මුදල කෝටි 1.5ක් ඒ සදහා ඔහු උපදෙස් ගෙන ඇත්තේ WWE මළ්ලවපොර ශූරයන්ගෙනි,
[*]මෙය සැබැවින්ම දමිළ සහ තෙලුඟු බාශා වලින් දෙවරක් රූපගතකිරීම් කර තිබෙනවා,
[*]වෙනත් භාශා වලින් ලොව පුරා තිර්ගතවන දැවැන්තම සිනමා නිර්මානය වන්නේත් මෙයයි,
[*]මෙහි ඇති දිය ඇල්ල athirampally ප්‍රදේශයේ ඇති දිය ඇල්ලක් වන අතර පසුව එයට VFX එක්කොට තිබෙනවා,
[*]මෙහි යුධ කොටස් රූගත කිරීමට හෙක්ටයාර 110ක් යොදාගෙන තිබෙනවා,
[*]මෙහි ප්‍රථම යුධ දර්ශනය වෙනුවෙන් 5000ක් දෙනා දින 200කට වැඩි කාලයක් යොදාගෙන නිර්මානය කර තිබෙනවා,
[*]මේ සදහා ආයුධ 20,000කට අධික ප්‍රමාණයක් නිර්මානය කර තිබෙනවා,
[*]මේ තමයි ඉන්දියාවෙ ප්‍රථම වතාවට ආගමික බැදීම් වලින් නිදහස්ව නිර්මාණය වුන සිනමා නිර්මාණය,
[*]අධ්‍යක්ශක රාජ්මවුලිගේ 10වැනි සිනමා නිර්මාණය වන්නේද මෙයයි,
[*]මෙහි දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් තාක්ශණික ශිල්පීන් 800ක් දෙනා චිත්‍රාගාර 17ක සේවය කර තිබෙනවා,


මේ විස්තර දිහා බැලුවම චිත්‍රපටය ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි, මේකට තාම කිසිම භාශාවකින් උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් වෙලා නැහැ, මේක මම අසා ලිවීමක් කලේ, ඒවගේම මේක Screener වර්ගයේ පිටපතක්, හැබැයි ඉහලම තත්වයෙන් තියෙනවා රසවින්දයට කිසිම බාධාවක් නෑ, හොද පිටපත්ක් අන්තර්ජාලයට නිකුත් වුන ගමන් උපසිරැසි යාවත්කාලීන කරනවා කියන ඉල්ලීමත් එක්ක මම ගිහින් එන්නම්, රැදී සිටින්න zoom.lk එක්ක, ජයවේවා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මධුර අනුෂ්ක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.