36 Vayadhinile (2015) සිංහල උපසිරැසි සමගින්
ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සේ චිත්රුපටියක් අරගෙන ආවා.ඒකත් ඒකත් සෑහෙන කාලෙකට පස්සේ නැවත රංගනයට එකතු වුන නිළියක් ඉන්න පට්ට චිත්රරපටියක්. ඇත්තටම මේක කාන්තාවගේ ජීවිතය ගැන හොදින් කියවෙන චිත්රනපටියක්.මේ චිත්රරපටියේ කාන්තාවගේ චරිතය අපේ සමාජයෙත් ගොඩක් වෙලාවට අපිට හමුවෙනවා.ඒ බිරිදක් සහ මවක් විදිහට.ඔවුන් ජීවත්වෙන්නේ ඔවුන්ගේ ළමයි සහ සැමියා වෙනුවෙන්.ඔවුන්ගේ සිහින සැබෑ කරවන්න.ඒත් අපි ඇයගේ සිහින මොනවාද කියා එක පාරක්වත් සිතුවද?
කථාව ගැනත් එක්ක කියනවා නම් මේකේ නළුවගේ භූමිකාවට වඩා නිළියගේ භූමිකාව ප්රවබල වෙනවා.මේකේ ප්රධාන නිළිය විදිහට රගපාන්නේ අපි කවුරුත් දන්න ප්රසිද්ධ නිළි JYOTHIKA. මේකෙදි වසන්ති (JYOTHIKA) කියන්නේ ආදායම් බදු දෙපාර්ථමේන්තුවක වැඩ කරන සාමාන්යු ලිපිකාරිණියක්. ඇයත් හැම අම්මා කෙනෙක්ම බිරිදක්ම වගේ තමන්ගේ දරුවා හා සැමියා වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක්. ඔවුන්ගේ සිහින සැබෑ කරවන්න ජීවත් වෙන කෙනෙක්. නමුත් ඇයගේ දරුවවත් සැමියවත් ඇයට එච්චර ඇල්මක් දක්වන්නේ නෑ.ඇය කරන දේවල් ඔවුන් දකින්නේ කරදරයක් විදිහටයි.මේ අතර තුර වසන්තිට ඉන්දියාවේ ජනාධිපති තුමාව හම්බවෙන්න අවස්ථාවක් ලැබෙනවා.ඒ ඇය ඇයගේ දුවට කියලා දුන්න ප්ර ශ්ණයක් ඇයගේ දුව ජනාධිපති තුමාගෙන් අහපු නිසයි.මේකට ඇය හොදටම බය වෙනවා.ඒත් කොහොම හරි අදිමදි කරලා ජනාධිපති තුමාව හමුවුන වෙලාවේ ඇයට කලන්තේ දාලා වැටෙනවා.මේ ගැන හැමෝම වසන්තිට ලැජ්ජා කරනවා.සමාජ ජාලා වල ඇය ගැන විහිළු පෝස්ට් හැදෙනවා.ඇයගේ දුව ඇයත් එක්ක තරහා වෙනවා තමන්ට ලැජ්ජා කෙරුවා කියලා.ඒ වගේම ඇයගේ සැමියත් ඇයගේ දුව වසන්ති වගේ වෙනවට කැමති නෑ කියනවා.මේ අතරේ වසන්තිගේ සැමියාටයි දුවටයි අයර්ලන්තේ යන්න අවස්ථාව ලැබෙනවා.ඔවුන් දෙන්නා වසන්තිව දාලා අයර්ලන්තෙට යනවා.ඔන්න දැන් තමා කථාව පටන් ගන්නේ.යුරෝපයේ ඉදලා වසන්තිගේ යාළුවෙක් එනවා වසන්තිව හම්බෙන්න.මෙයා වසන්තිව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.කොහොමද වෙනස් කරන්නෙ,වසන්ති මොන වගේ කෙනෙක් වෙයිද කියලා ඔයාලම බලන්න.මේක අනිවාර්යෙන්ම බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.මොකද මේක හොද ආදර්ශවත් චිත්රනපටියක්.මේ චිත්රආපටිය ගැන මට කිව්වට සුපුනටත් ගොඩක් ස්තූතියි.මොකද මේක තමයි මෙච්චර කාලෙකට කරපු තේරුමක් තියන එකම චිත්රාපටිය.එහෙනම් තවත් චිත්ර පටියකින් හමුවෙමු ඔබට ජය....!
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සූලාන් සම්පත් විසිනි
සැ.යු:මෙහි
සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ
අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Leave a Comment