Naveena Saraswathi Sabatham (2013) සිංහල උපසිරැසි සමගින්



කිපදෙනෙකු ඉල්ලිම් කරනු ලැබු චිත්‍රපටියක් තමයි ඔයාලා වෙනුවෙන් අපේ එකතුවේ තිබ්බ සබ් එකක් හොයලා අරගෙන ආවේ. අපි කවුරුත් දැන් දන්න වගේම ගොඩක් අය කැමැති නළුවෙක් තමයි ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ ෙ Jai විසිනි. මිට අමතරව Niveda Thomas,VTV Ganesh,Sathyan,Rajkumar යන අය සෙසු චරිත නිරුපණය කරනවා.

මේ කතාවේ මුලික අරමුණ වෙලා තියෙන්නේ සිගරට් හා මත්පැන් පානයේ අදිනව පෙන්වන්න තමයි. කතාව මෙහෙමයි Ramarajan,Ganesh,Gopi,Krishna කියන්නේ යාළුවෝ හතර දෙනෙක්. ටිවි එකේ සුපර් ස්ටාර් තරඟයක සිංදු කියන ගැණු ළමයෙක්ට Ramarajanට (Jai) ට හිත යනවා.ඔහු කෙලින්ම ඒක ගිහින් Jayashree කියන මේ ගැණු ළමයාගෙන් අහනවා. ඇය එක පාරටම පුදුම වෙනවා මේ වගේ දෙයක් කෙනෙක් ඇවිල්ලා අහපු නිසා. තාම ඉගෙන ගන්න නිසාත් ඒ වගේම තමන් තරඟයට සහාභාගිවෙලා ඉන්න නිසාත් දැන්ම ආදරය කරන්න බෑ කියලා ඇය Ramarajanට පවසනවා. ඒ වගේම අවුරුදු දෙකක කාලයක් ඇයට දෙන ලෙසටත් ඒ කාලය ගෙවිලා ගියාත් Ramarajan තාමත් ඇයට කැමැත්තෙන් හිටියොත් ඇය කැමැති වෙන බවත් කියලා යන්න යනවා. ඉතින් Ramarajan කරන්නේ හැමදාම ඇය දිහා ඇත ඉදන් බලන් ඉන්න එක. කොහොම හරි කාලය ගෙවිලා ගිහින් දෙන්නාට දෙන්නා ආදරය කරන්නත් ගන්නවා. ගෙවල් වලිනුත් මේ සම්බන්ධයට ආශිර්වාදය ලැබෙනවා. කොහොම හරි කසාදේට කලින් Ramarajan තමන්ගේ යාළුවෝ එක්ක එකතු වෙලා bachelor පාටියක් දාන්න මේ අය බැංකොක් නුවරට යන්නයි හදන්නේ. හැබැයි මොවුන් නැවකින් බැංකොක් යන අතර මොවුන්ගේ නැව මුහුදුබත් වෙලා ඔවුන්ව දුපතකට ගොඩගහනවා.. මේ ස්ථානයට දෙවියන් එනවා ඇවිල්ලා වරයක් දෙනවා එත්... ඊට පස්සේ මේ අයට මොකද වෙන්නේ කියලා චිත්‍රපටිය අරගෙනම බලන්න. මේ අයට මේ වගේ දෙවියෝ දඩුවමක් දුන්නේ ඇයි කියන එකත් එතකොට බලාගන්න පුලුවන් වේවි. ටොරන්ට් එකේ ඩවුන්ලොඩ් කරගන්න තරම් පුලුවන් වෙන්න සීඩ් තියනවා. එහෙම අපහසුනම් ඩිරෙක්ට් ලින්ක් එක උත්සහා කරලා බලන්න. ගිහින් එන්නම් තව චිත්‍රපටියක් අරන්.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Link File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.