Sagaptham (2015) සිංහල උපසිරැසි සමගින්



ඔන්න ඊයෙ දුන්න ටැමිල් එකට පස්සෙ අදත් අරගෙන ආවෙ මේ අවුරුද්දෙ තිරගත වුන සුපිරි ෆිල්ම් එකක් අරගෙන, මෙහි තිරගතවීම ආරම්භ කරලා තියෙන්නේ අප්‍රේල් දෙවෙනිදා අධ්‍යක්ශණය සිදු කරලා තියෙන්නේ Surendran විසින්, මෙහි රංගන දයත්වය ලබාදිලා තියෙන්නේ නවක නළු නිළි රැසක්, ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ දකුණු ඉන්දීය සුපිරි නළු විජේකාන්ත්ගේ පුත්‍රයා වන Shanmugapandian විසින්, සෙසු නළු නිලියන් විදියට Neha Hinge, Shubra Aiyappa වගේ නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා, කතාව මෙහෙමයි සගා (Shanmugapandian) කියන්නේ පිටිසර ගමක ජිවත් වෙන තරුණයෙක් මෙයා ගොඩක් සාධාරනය වෙනුවෙන් පෙණී ඉන්න කෙනෙක්, ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් වුන වෙලාවක මෙයා බේරගන්න කෙනෙක් තමයි දේවයානි කියන්නේ, දේවයානිගේ මහත්තයා මැලේසියාවෙදි අතුරුදන් වෙලා තියෙනවා, ඉතින් සගා එයාගෙ යාලුවත් එක්ක මැලේසියාවට යනවා රැකියාවක් හොයාගන්න වගේම දේවයානිගේ මහත්තයාට මොකද වුනේ කියලා හොයාගන්නත් එක්කම, ඉතින් මේ දෙන්නා මැලේසියාවට ගියාට පස්සෙ තේරුම් යනවා එයාලව මැලේසියාවට එවපු ඒජන්සිය එයාලට වංචා කලා කියලා, ඉතින් කරගන්න දෙයක් නැතුව ඔහොම ඉන්න අතරේ සගාට අහම්බෙන් හැකියාව ලැබෙනවා වංචාවක් හෙලි කරගන්න, ඉතින් මේක නිසා සගාට පුලුවන්කම ලැබෙනවා මැලේසියාවෙ ආරක්ශක ආයතනයකට බැදිලා සේවය කරන්න, ඉතින් ඔතන ඉදන් තමයි කතාවෙ හොදම හරිය පටන් ගන්නේ, සගා මොකද්ද හෙලි කරපු වංචාව? සගාටයි යාලුවටයි මොනා වෙයිද? දේවයානිගේ මහත්තයාව හොයාගන්න සගාට පුලුවන් වෙයිද? මේ දේවල් වල තියෙන සම්බන්දය මොකද්ද? කියලා දැනගන්න නම් ඔයාලට මේක නරඹන්නම වෙනවා, සටන් ක්‍රියාදාම චිත්‍රපට වලට කැමති අය මේක මඟ හැරගන්න එපා කියන ඉල්ළිමත් එක්ක, අපි ගිහින් එන්නම්, තවත් උපරැසියකින් හමුවෙමු, ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.