The Pyramid (2014) සිංහල උපසිරැසි සමගින්



ඔන්න එහෙනම් මගේ 11වැනි උපසිරැසි ගැන්වීම අරගෙන ආවේ. මගේ උපසිරැසි 11 අතරේ 7ක්ම මේ මාස දෙක ඇතුලත දිපුවා. කොහොම හරි ෆිල්ම් එකක් කරමු නේද කියලා අහලා ෆිල්ම් එවන ඇඩ්මින්ට ස්තුතියි ඒ වෙනුවෙන්.. මේ චිත්‍රපටියේ මම ලයින් 250ක් විතරදාලා තමයි ඇහුවේ කරන්නද කියලා එත් ඒ අතරේ කෙනෙක් බාරගෙන තිබ්බ නිසා මේ චිත්‍රපටිය මට කරලා දෙන්න එපා කිව්වා. එත් ආපහු ඒ කෙනාට කරන්න අපහසුයි නිසා කැමැති නම් කරන්න කියපු නිසා මම ඉතුරු ටිකත් සම්පුර්ණ කරලාම අරගෙන ආවා.

ත්‍රසජනක කුතුහලයට කැමැති කතා බලන අයට මේ චිත්‍රපටිය නියමෙට ගැලපේවි. නෝරා හා හොල්ඩන් කියන්නේ පිය හා දුව. මේ දෙන්නා ගේ රාජකාරිය තමයි පරණ පුරාවස්තු හොයා යාම. මේ දෙන්නා ඊජිප්තුවේ වැලලුනු පිරමිඩ ගැන අධ්‍යනය කරනවා. මේ අය මේ අධ්‍යනය කරන පිරමිඩය විශේෂ එකක්. සමාන්‍යයෙන් පිරමිඩයකට පැති හතරක් තියනවා නේ. නමුත් මේ පිරමිඩයේ පැති තුනයි තියෙන්නේ. මේ සිදුවිම වාර්තා කරන්න රුපවාහිනි වාර්තාකාරයින් දෙපලකුත් පැමිණෙනවා ඒ ෆිෂල් හා සනී යන දෙන්නා. මොවුන් දවස් ගනනක් පිරිස් යොදවමින් කැනිම් කරලා අන්තිමට පිරමිඩයට යන්න දොරටුවක් හොයාගන්නවා. නමුත් මොවුන්ගේ අවසනාව කියන්නේ ඊජිප්තුවේ ඇතිවෙලා තියන කැරලිකාර තත්වයක් නිසා මේ අයව නැවතත් ඇමරිකාවට ගෙන්න ගන්න හදනවා.නමුත් දවස් ගානක් මහන්සිවෙලා මොවුන් හොයාගත්ත පිරමිඩය දාලා යන්න නෝරාට හිත දෙන්නේ නෑ. මොවුන් සියළු දෙනාම පසුව මේ පිරමිඩය ඇතුලට යනවා මේක කොයි වගේ එකක්ද කියලා බලන්න..නමුත් මේ පිරමිඩය සාපලත් එකක් කියලා මොවුන් දන්නේ නැ. මොවුන්ට ඇතුලට ගියාම මුහුණ දෙන්න වෙන සිදුවිම ඔයාලාම බලන්න.. මම මේ කතාව ගොඩක් මඟහැරලා කිව්වේ. චිත්‍රපටිය අරගෙනම රසවිදින්නකෝ. තවත් හොද චිත්‍රපටියකින් නැවතත් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.