Thiranthidu Seese (2015) සිංහල උපසිරැසි සමගින්



ටික දවසකට පස්සෙ ඔන්න අපි තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් තමයි ආවෙ, මේක 2015 නිකුත් වුන අලුත්ම ටැමිල් ෆිල්ම් එකක්. මේහි අධ්‍යක්ශණය සිදු කරලා තියෙන්නේ M Nimesh Warshan විසින්, බීමට ඇබ්බැහි වුන අයට මේක ගොඩක් ආදර්ශමත් කතාවක්, මේ සදහා රංගන දායකවත්වය ලබාදීලා තියෙන්නේ අලුත් රංගන ශිල්පීන් කීප දෙනෙක්, ඒ සදහා Veeravan Stalin , Narayan Lucky , Dhansika විදියට රංගනයෙන් දායක වෙලා තියෙනවා, IMDB දර්ශකයේ 6.7/10ක අගයක් ලබාගන්නත් මෙය සමත් වෙලා තියෙනව,

කතාව දිහාට හැරෙනවානම් Veeravan Stalin (ජෝන්), Narayan Lucky (හුසේන්) දෙන්නා පබ් එකක් හවුලේ කරගෙන යනවා, දවසක් මේකට ගෑනු ළමයෙක් එනවා ඒ තමයි Dhansika ( චර්මී) මෙයා ගෑනු ළමයෙක් වුනට හුඟක් බීමට ඇබ්බැහි වුන කෙනෙක්, ඉතින් මේ පබ් එකේදිත් එයා හොදටම බීලා බාත් රූම් එක ඇතුලේ වැටිලා ඉන්නවා, ඉතින් මේක දැක්කට පස්සේ ජෝන් හුසේන් දෙන්නා හිතන්නේ මෙයා මැරිලා කියලා, ඒත් පස්සෙ දැනගන්නවා මෙයා මැරිලා නෑ කියලා, ඊටපස්සෙ දෙන්නා ගොඩක් උත්සහ කරලා චර්මිව නැගිට්ටවගන්නවා, හැබැයි නැගිට්ටවගත්තට පස්සෙ චර්මි කියනවා හුසේන් එයාව දුශණය කලා කියලා, හැබැයි හුසේන් කියනවා එයා එහෙම දෙයක් කලේ නෑ කියලා, කවුද මේ ගෑනු ළමයා? ඇයි එයා මෙහෙම බීමට ඇබ්බැහි වුනේ? හුසේන් කියන්නෙ ඇත්තක්ද? හුසේන් චර්මිව දූශනය කලාද කියන ප්‍රශ්න වලට උත්තර ඔයාලට මේක නැරඹුවට පස්සෙ දැනගන්න පුලුවන්, Thriller වලට ප්‍රිය කරන අය මේක මඟහැරගන්න එපා කියලා ඉල්ලීමත් එක්ක අපි ගිහින් එන්නම්, ජයවේවා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.