ABCD 2 (2015) සිංහල උපසිරැසි සමගින්



නටන්න කැමති අයට නටනවා බලන්න කැමති අයට ෆිලුමක් අරගෙන තමයි ඔන්න මම ආවේ.මේ චිත්‍රපටය ගැන ඉතින් අමුතුවෙන් විස්තර කිරීමක් කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ.හුඟ දෙනෙක් එනකම් මග බලන් හිටපු චිත්‍රපටයක් තමයි මේක පෙරේදා තමයි හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් කරලා තිබුනේ ඒ ගැන දැනුවත් කරපු HEDZ අයියටත් මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා එහෙමනම් චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්. 2013 පෙබරවාරි 7 වෙනිදා තිරගත කෙරුණු REMO D'SOUZA අධ්‍යක්ෂණය කරපු ANY BODY CAN DANCE(2013)කියන චිත්‍රපටය ලබපු සාර්ථකත්වය නිසා එහි දෙවැනි කොටස ලෙසින් තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ නමුත් පලවෙනි චිත්‍රපටයට මෙහි එතරම්ම සම්බන්ධයක් නැහැ පළමු චිත්‍රපටය බලලා නැත්නම් ඒක මේ චිත්‍රපටය නරඹන්න බාධාවක් වෙන එකක් නැහැ,පළමු චිත්‍රපටයට රංගනයෙන් දායක උන PRABHU DEVA සහ LAUREN GOTTLIED මේ චිත්‍රපටයටත් රංගනයෙන් දායක වෙනවා ඊට අමතරව මෙහි ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය සපයන්නේ VARUN DHAWAN සහ SHRADDHA KAPOOR මෙම චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ REMO D' SOUZA තිරගත වීම ආරම්භ කලේ ජුනි 19 වෙනිදා දැනටමත් කෝටි100 වැඩි ආදායමක් උපයගන්න සමත් වෙලා තියෙනවා චිත්‍රපටයේ අන්තර්ගතය ගැන යමක් කියනවා නම් සුරු එහෙමත් නැත්නම් සුරේෂ් කියන්නේ නර්තන කණ්ඩායමක් තියෙන කෙනෙක් මෙයාලා ඉන්දියාවේ ප්‍රධානම නර්තන තරඟාවලියකදි ප්‍රසිද්ධ කණ්ඩායමක නර්තන විලාශය කොපි කළා කියලා චෝදනා ලබලා තරඟාවලියෙන් ඉවත් වෙන්න වෙනවා. තමන්ට සිද්ධ උන මේ අවමානය කණ්ඩායමක් විදියට මෙයාලා ජයගන්නේ කොහොමද කියන එක තමයි පැය දෙකහමාරකට අධික කාලයක් පුරා මේ ව්දියට දිගහැරෙන්න සුපිරි නර්තනයන් රාශියකුත් මෙහි ඇතුලත් වෙනවා.එහෙමනම් චිත්‍රපටය නරඹළම රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් මම යනවා.තවත් උපසිරැසියකින් හමු වෙනකම් සැමටම ජය.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.