Drishyam දමිළ ප්‍රතිනිර්මාණය Papanasam (2015) සිංහල උපසිරැසි සමඟ



Drishyam කියන මලයාලම් චිත්‍රපටියේ දමිළ චිත්‍රපටි නිර්මාණය තමයි මේ..මේ චිත්‍රපටිය හින්දි තෙලෙගු නොයෙක් භාෂා වලින් නිශ්පාදනය කලත් මේ චිත්‍රපටියේ විශේෂයක් තියෙනවා. ඒ තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ මෙහි පලමු මලයාලම් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කල Jeethu Joseph විසින්මයි. ප්‍රධාන චරිතයට දමිළ සිනමාවේ චාරිතාංඟ නළුවෙකු වන Kamal Hasan රංඟනයෙන් දායක වෙනවා. ඔබ මලයාලම් චිත්‍රපටිය කලින් රසවිදලා නැත්නම් ඔබට මේ චිත්‍රපටිය ඉහළම රසවින්දනයකින් යුතුව විදින්න පුලුවන් වේවි. කතා සාරංශය කිව්වොත් අත්වැරැදිමකින් සිදුවන මිනිමැරුමක් වසන් කරන්න හදන අහිංසක පවුලකගේ කතාවක් තමයි කියවෙන්නේ. මොවුන් අහිංසක පවුලක් නම් මේ විදියට කෙනෙකු ඝාතනය කරන්නේ ඇයි? මේ ඝාතනය කොතෙක් කලක් හැමෝගෙන්ම සඟවගෙන ඉන්න පුලුවන් වේවිද? එහෙනම් නරබන්න මේ සිනමා සිත්තම. මෙහි හින්දි චිත්‍රපටියත් ලඟදිම සූම් වෙතින් ඔයාලාට ලැබේවි.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

  1. මාර චිත්තර පටියක්............ ලස්සන කතාවක්

    ReplyDelete

Powered by Blogger.