Pee Mak Phrakanong (2013) සිංහල උපසිරැසි සමගින්



ඔන්න මම ඔයාලට අරන් ආවේ ලස්සන තායි චිත්‍රපටියක් මේක තිරගත වෙලා තියෙන්නෙ 2013 වසරේ. මේක 7.4/10·IMDb වගේ හොඳ අගයක් අරන් තියනවා. මේක අයිති වෙන්නෙ Comedy / Horror යන ගනයන් වලට. මේක ඇත්තටම මම බලලා ගොඩක් කල් වුනා බලපු වෙලාවේ අනිවාරෙන් මේකට උපසිරසියක් කරන්න ඕනේ කියලා හිතුනා. ඒත් අමතක වෙලා ගිහින් තිබිලා මේ ලඟදි සුපුන් තායි සින්දුවක් ගැන ඇහුවම තමයි මතක් වුනේ මේක ගැන. මේක ගොඩක්ම ලස්සන කතාවක් ඇති වෙන්න හිනා වෙන්න පුලුවන් පටන් ගත්ත වෙලාවේ ඉඳලා හිනා වෙනවද බය වෙනවද කියලා හිතා ගන්න බැරි වෙයිද දන්නෙත් නැහැ. මේ කතාව ගැන කියනවා නම් මාක් කියන තරුණයා තමන්ගේ ගැබ්ගත් බිරිඳ ගෙදර තනිකර දමා යුද්ධයට යන්න වෙනවා. මෙයාට යුද්ධය අතරතුර හොඳ යාළුවෝ 4 දෙනෙක් හම්බවෙනවා මෙයාල එක විදියක විහිළු කාරයෝ ටිකක්. කොහොම හරි මේගොල්ලන් යුද්ධය කරන අතරේ මාක්ගේ බිරිඳ නක් තම දරුවා බිහි කරනවා. අවසානයේ යුද්ධය අවසන් වුනාම මාක් තමන්ගේ යාළුවන්ටත් යොජනා කරනවා එයාගේ ගමට යමු කියලා එයාගේ බිරිඳ හා දරුවා දකින්න. මේ යාළුවෝ එක්ක මාක් තමන්ගේ ආදරණිය බිරිඳ හා දරුවා බලන්න එනවා. මේ කාලය තුල මේ ගම තුල ලොකු කතාවක් පැතිරෙනවා නක් කියන්නේ අවතාරයක් කියලා. මෙයාගේ යාළුවන් 4 දෙනා සහ ගම්මුන් උත්සහ ගන්නවා මාක්ට පහදලා දෙන්න තමන්ගේ බිරිඳ මිය ගිහින් කියලා. ඔහොම තමයි කතාව පටන් ගන්නෙ. මේ චිත්‍රපයට තායිලන්තට තුල ආධායම් වාර්ථා ගොඩක් බිහි කරා.
1. මෙතෙක් එක් දිනකදි තායිලන්තය තුල මිලියන 21.2 උපයා ගත් ප්‍රථම චිත්‍රපටය.
2. මෙතෙක් සතියක් තුල තායිලන්තයේ මිලියන 102 උපයා ගත් චිත්‍රපටය.
3. තිර ගතවු 9ම වෙනි දිනය වෙන කොට මිලියන 205.2 ක ආධායමක් උපයා ගත්තා.
4. තිර ගතවු 19 වෙනි දිනය වෙන කොට ටිකට් මිලියනවක් පමණ අලෙවි වි තිබුණා.

ඔය වගේ ගොඩක් වාර්ථා වලට මේ ලස්සන චිත්‍රපයට හිමි කම් කියනවා ඔයාලත් බලන්න කතා කරන විදිය පොඩ්ඩක් අල්ලන එකක් නැහැ ඒත් ටිකක් වෙලා යද්දි ඒක අමතක වෙලා යයි මෙයාල කරන වැඩ වලට. එහෙනම් බලලා අදහසක් දාල යන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.