Pitch Perfect 2 (2015) සිංහල උපසිරැසි සමග



හරි කස්ටිය එහෙනම් ෆිලුම බාරගෙන සතිගානක් ගිහින් බඩගානෙ ඇවිත් ඔයාලට මේක බාර දෙනවා. හරිම අමාරුවෙන් මේක දැම්මෙ. මොකද මේ දවස් වල කැම්පස් එකේ ඇසයිමන්ට් නුයි එක්සෑම් නුයි එනවා. ඉතින් එව්වා කොරනවට වැඩිය දෙයක් නෑ ඉතින්. පාඩම් කලත් මතක් වෙන්නෙ නෑ. මේ වගේ චිත්‍රපට වලට සබ් දාන්න ගියාම දවසම ගතවෙනවනේ ඉතින්.. සමහර දවස් වලට දවස් දෙක තුනත් යනවා. කොහොමෙන් කොහොම හරි සබ් එක හදලා ගෙනාවා. ඉතින් හැමෝටම මේක දෙන්න කලින් අපේ සහෝදරියක් පලවෙනි කතාව ගේන්න ඇති. මම මෙතුවක් කල් දැකපු අමුතුම විදිහෙ කතාමාලාවක් තමයි පිච් පර්ෆෙක්ට් කියන්නෙ. විශේෂයෙන් සංගිතයට ආදරය කරන අය මේ චිත්‍රපටයට ඇලුම් කරන බව නොඅනුමානයි. මොකද නතිකරම යන්නෙ සංගීතය ඇතුලත්වුන ප්‍රධාන ආකෘතියක් තුලින්. ඒ අස්සෙ කොමඩිත් වැඩි ප්‍රතිශතයක් තියෙනවා. නොබලා යන්න එපා කොහොම හරි අරගෙන බලන්න... අපි අඩුසයිස් කොපි ලබාදෙනවා බාගන්න ලෝබ නම් අඩු සයිස් එකක් වත් බාගෙන බලන්න. ඔයා එදා මෙදා තුර ලබපු අමුතුම රසයක් මෙයින් ලැබේවි.

මම හිතන්නෙ පලවෙනි චිත්‍රපටය බැලුවොත් ඔයාලට මේ චිත්‍රපටය ගැන යම් අදහසක් ගන්න පුළුවන්. ඒත් එහෙමටම ඕනවෙන්නෙ නෑ. හැබැයි මගේ මතය අනුව දෙවෙනි එකට වඩා පොඩි ගතියක් පලවෙනි එකේ තියෙනවා කියලා. මොකද මේපාර කොල්ලන්ගෙ ටීම් ටික වැඩිය උඩට එන්නෙ නෑ. කෙල්ලො ටික තමයි ගේම ගහන්නෙ. ඒත් පලවෙනි එකේ කොල්ලොයි කෙල්ලොයි පට්ට ගේමට සිංදු කියාගන්නවා. මේ පාර පට්ට වැඩක් තමයි වෙන්නෙ. තුන්වතාවක්ම අකපෙල්ලා තරඟාවලිය ජයගත් බෙලාවරියන් මේපාර එක්තරා ඉදිරිපත් කිරීමක් කරන්න හදනවා අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගෙ උපන්දිනය දවසේ. පට්ටම වැඩේ කියන්නෙ ෆැට් එමී කියන බතල කෙල්ලට මාර අකරතැබ්බයක් වෙනවා. ඒකෙන් ඔවුන්ගෙ කණ්ඩායම ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්වෙනවා. එනිසා ඔවුන් අකපෙලා කියන තරඟාවලියෙන් ඉවත් කරනවා. ඒ වෙනුවට ප්‍රධාන තරඟකරුවන් බවට පත්කරන්නෙ ජර්මන් කණ්ඩායමක්. ඉතින් මේ බෙලාවරුන්ට නැවතත් තමන්ගෙ මුල් ස්ථානය ලබාගන්න පුළුවන් වේවිද? අපි චිත්‍රපටය බලලාම ඒ ටික හොයාගමු.

බොරු කියන්න ඕන නෑනෙ චිත්‍රපටයේ සුරූපී නිළියන් ගොඩක් ඉන්නවා. එයාලාගෙ නැටුම් ලස්සනයි කියලත් කියන්න ඕන. කැතයි කියලා ඉරිසියා කරන්න හොද නෑනෙ. ඉතින් ඒ සුරූපී නිළියන් අතරේ අපි ගොඩක් දන්න කිහිප දෙනෙක් ඉන්නවා ඒ තමයි Into the Woods (2014) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑ Anna Kendrick කියන සුරූපී නිළිය, නර්තන ශිල්පිණිය හා ගායිකාව. අනිත් අය තමයි Rebel Wilson හා Hailee Steinfeld වගේ අය. එමෙන්ම චිත්‍රපටය බෙදාහැරීමේ කටයුතු කරලා තියෙන්නෙ අපි කවුරුත් දන්න Universal Pictures ආයතනයෙනුයි. ඉතින් චිත්‍රපටයේ කොලිටිය ගැන අපිට වෙනම කියන්න දෙයක් නෑනෙ. එහෙනම් කස්ටිය හැමෝම බාගෙන බලන්නකෝ. තවත් දවසකින් හමුවෙමු




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.