භූ චලන ඔස්සේ San Andreas (2015) සිංහල උපසිරැසි සමගින්



මේ වසරේ තිරගතවුන තවත් සුපිරි හොලිවුඩ් චිත්‍රපටයක් එක්ක තමයි අද මම ඔයාලව මුනගැහෙන්න ආවෙ, මේක මම කලින් බාර අරන් තිබුන එකක් නෙමෙයි ඒත් ෆිල්ම් එක සුපිරි එකක් නිසා උපසිරැසි ලබාදෙන්න හිතුවා, චිත්‍රපටය දිහාට හැරෙනවානම් Cats & Dogs, Journey වගේ චිත්‍රපට අධ්‍යක්ශණය කරපු Brad Peyton මෙහි අධ්‍යශණය සිදු කරලා තියෙනවා, මෙහි ප්‍රධාන චරිතය විදියට හොලිවුඩයේ වගේම WWE තරුවක් වන Dwayne Jonhnson නැත්තම් The Rock රංගනයෙන් දායක වෙලා තියෙනවා, ඔහුගේ චිත්‍රපට විදියට Pain & Gain, Fast & Furious, Hurcules වගේ චිත්‍රපටවලට අපි උපසිරැසි ලබාදීලා තියෙනවා, සෙසු රංගන ශිල්පීන් ගැන මතක් කරනවනම්, Percy jackson, texas chainsaw වගේ චිත්‍රපට වල රංගනයෙන් දායක වුන Alexandra Anna Daddario, වගේම Caarla Gugino, Colton Lee Haynes, Kylie Ann Minogue, වගේ තවත් නළු නිළි රැසකගේ රංගන දායකත්වය ලබාදීලා තියෙනවා, 2015 මැයි 29වන දිනදී තිරගත වුන මෙය මිනිත්තු 114ක් පුරාවට දිග හැරෙනවා, ඇමරිකානු ඩොලර් මිලියන 110ක බරපැනකින් නිමවුන මෙය මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 470කට ආසන්න මුදලක් උපයාගන්න සමත්වෙලා තියෙනවා, මෙහි බෙදාහැරීමේ අයිතිය ඇත්තේ ලෝකප්‍රකට වර්නර් බ්‍රදර්ස් ආයතනයටයි,

කතාව දිහාට හැරෙනවානම්, රේමන්ඩ් (Roch) එහෙමත් නැත්තම් රේ කියන්නේ ලොස් ඇන්ජලිස් හදිසි අනතුරු සහ ආපදා දෙපාර්ථමේන්තුවේ සේවය කරන නිළධාරියෙක්, මොහුගේ බිරිද තමයි එමා (Caarla Gugino) , මේ දෙන්නගේ දියණිය තමයි බ්ලේක් ( Alexandra Daddario) කියන්නේ, ඇත්තටම රේ බ්ලේක් තාත්තයි දුවයි වුනාට ඇත්තටම දෙන්නගේ වයස් පරතරය අවුරුදු 14යි , එමා රේගෙන් දිකසාද වෙලා ඩැනියල් කියලා ව්‍යාපාරිකයෙක් එක්ක විවාහ වෙන්න හදන්නේ, ඒ අතරේ බ්ලේක් සියැටල් වල එයාගෙ විද්‍යාලයට යන්න බලාගෙන ඉන්නවා, මේ අතරේ ඇමරිකාවෙ භූ තැටියේ සුළු සුළු කම්පන විශාල ගණනක් ඇතිවෙලා තියෙනවා, ඒත් ඒවා ගොඩක් සුළු කම්පන නිසා කවුරුවත් ගනන් ගන්නේ නෑ, භූ විද්‍යාඥයන් මත පළ කරනවා විශාල කම්පාවක් ඇති වෙන්නේ අවුරුදු 150කට වතාවයි ඒත් තවම අවුරුදු 100ක් විතරක් ගතවෙලා තියෙන නිසා බය වෙන්න දෙයක් නෑ කියලා, හැබැයි සැන් ඇන්ඩ්‍රියාස් පැළ්ම කියන තැනින් රිච්ටර් මාපකයේ 9.1ක අගයක් සටහන් වුන දරුණු භූ කම්පාවක් ඇති වෙනවා, ඒ වෙනකොට එමා ඉන්නේ එයාගෙ පෙම්වතා ඩැනියල්ගේ සහොදරිය එක්ක ගොඩනැගිල්ලක් මුදුනේ දවල් කෑම ගන්න ගමන්, ඒ වගේම බ්ලේක් ඉන්නේ ඩැනියල් එක්ක සියැටල් යන්න යන ගමන් ලොස් ඇන්ජලීස් වල , ඉතින් එමා, බ්ලේක් දෙන්නම මේ භූ කම්පාවට ගොදුරු වෙනවා බ්ලේක්ට උදවු කරන්න තව අයියයි මල්ලියි දෙන්නෙකුත් ලොස් ඇන්ජලීස් වලදි මුනගැහෙනවා, මේ අතරේ රේ ඉන්නේ නඩත්තු කටයුත්තකට යන ගමන් එමා එයාව බේරගන්න කියල රේට කතා කරනවා, ඉතින් කතාව මීට වඩා විස්තර කරන්න යන්නේ නෑ, කතාවෙ රසයට හානියක් වෙන නිසා, රේට මේ දරුණු භූමිකම්පාවෙන් තමන්ගේ බිරිදව, වගේම දියණිය බේරගන්න පුලුවන් වෙයිද? රේට මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න වෙයිද? කියලා චිත්‍රපටය නැරඹූවට පස්සෙ දැනගන්න පුලුවන්, ඇත්තටම මේ චිත්‍රපටය තිරගත්වීම ආරම්භ කරපු මැයි 29 වෙනිදා කැලිෆෝනියා වල 3.8ක අගයක භූ කම්පාවක් වාර්ථා වෙලා තියෙනවා, පටන් ගත්ත වෙලාවෙ ඉදන් කට ඇරෙගෙන බලාගෙන ඉන්න පුලුවන් කතාවක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා, මේක මඟැරගන්න එපා කියලා ඉල්ලීමක් කරනවා මොකද මේ වගේ නිර්මාණ බිහි වෙන්නේ බොහොම කළාතුරකින්, ගිහින් එන්නම්, ජයවේවා!



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.