Unfriended (2014) සිංහල උපසිරැසි සමගින්



මම කාලෙකින් බැලුව හොදම හොල්මන් චිත්‍ර‍පටිය තමයි මේ චිත්‍ර‍පටිය. ඇත්තටම මේක දෙන්න තරමක් විතර ප්‍ර‍මාද උනා. ඒකටත් පුංචි හේතුවක් තිබ්බා. මේ චිත්‍ර‍පටියේ ට්‍රේලර් එක බැලුවාම පෙනවා ඇති මේ චිත්‍ර‍පටියේ අපිට පරිගනක තිරයක සිදුවිම වෙන අකාරයට තමයි පෙන්වන්නේ. ඉතින් මේ චිත්‍ර‍පටියේ හොල්මන් තරුණිය වගේම ගොඩක් දෙබස් තියනවා ස්ක්‍රින් එකේ චැට් වල විතරක් පෙන්වන. ඉතින් ඇඩ්මින් මට කිව්වා සබ් එක ගද්දිම පුලුවුන් නම් එයාලා චැට් කරන හැම අකුරක්ම සිංහලට අලුතින් අංකන දත්ත පිටපතක් හදලා සබ් කරන්න පුලුවන් නම් වටිනවා කියලා. ඉතින් මුල්ම වතාවට ඒ වැඩෙත් කලා.

චිත්‍ර‍පටිය ගැන කියනවා නම් ඔයාලා අහලා තියනවාද Amanda Todd ගැන 2012 වසරේ ඇය ගැන ගොඩක් කතා උනා මොකද ඇය විසින් විඩියෝ පටයක් අන්තර්ජාලයට එක් කරලා සියදිවි නසා ගත්තා.ඒක බලලා නැත්නම් මෙතැනින් පිවිසිලා VIDEO එක බලන්න ඔන්න ඕක තමයි මේ චිත්‍ර‍පටියේ කතාවට මුලිකවම පාධක වෙන්නේ. ඒ වගේම මේ චිත්‍ර‍පටිය ගැන කියනවා නම් මෙහි දැක්වෙන චරිත සියල්ලක්ගේම ඔයාලාට දකින්න ලැබෙන හැම කෙනෙක්ගේම එකවුන්ට් සැබැවටම ෆේස්බුක් එකේ තියනවා ඒ වගේම මේ සැම එකවුන්ට් එකක්ම ස්කයිප් වලද තිබෙනවා. මේ චිත්‍ර‍පටිය තිරගත වන දවස් වල මේ ස්කයිප් එකවුන්ට් වලින් මේ චරිතවල ඉන්න අයට සැබැවටම අනික් පුද්ගලයන්ට කතා කිරිමේ හැකියාවත් තිබ්ලා තියනවා. ඔයාලාත් නිකම් ඉද්දි හොයලා බලන්නකෝ ඒ අයගේ නම් ටයිප්කරලා ෆේස්බුක් හා ස්කයිප් වල...

කතාව ගැන කියනවා නම් ලෝරා නැමැති යුවතියක් සියදිවි නසාගන්නවා. ඒ විඩියෝ එක බේලේයාර් බල බල ඉද්දි ස්කයිප් ඇමතුමක් එනවා තමන්ගේ පෙම්වතා මැච් ගෙන්. දෙන්න කතා කර කර ඉද්දි එයාලගේ අනික් යාළුවෝ වෙන වැල්,මැට් ඇඩම් හා ජේස් ඇමතුමකට සම්බන්ධ වෙනවා.ස්කයිප් වලින් ගෘප් කොල් ගන්න පුලුවන් කියලා ඔයාලා දන්නවා නේ. ඉතින් මෙහෙම කතා කර කර ඉද්දි මෙයලා දකිනවා තවත් කෙනෙක් මේ අයගේ චැට් එකේ ඉන්නවා කියලා මේ අය කතා කරන එවා අහගෙන කරගෙන. ඒ කවුද කියලා කාටවත් හොයාගන්න බැරි වෙනවා. ඒ වෙලාවේම වගේ අර සියදිවි නසාගත්ත ලෝරාගේ එකවුන්ට් එකෙන් මේ අයට මැසෙජ් එන්න ගන්නවා. ඒ වගේම මේ අය හොයාගන්නවා මේ ස්කයිප් එකේ බලෙන් ගෘප් එකට ඇඩ් වෙලා ඉන්නේ මිය ගිය ලෝරාම තමයි. ලෝරා මියගිහින් හොල්මනක් වෙලා ඇයි මේ විදියට ආපහු ආවේ..එයාට සිදුවන සැබැ සිදුවිම කියන්නද? නැත්නම් පළිගන්නද? පලිගන්න නම් ඇයි මේ අයද ලෝරාව මරලා දැම්මේ? ඒ ගැන දැනගන්න මේ ෆිල්ම් එක අරන් බලන්න..

චිත්‍ර‍පටියේ නළු නිලියෝ ගැන කිව්වොත් ගොඩක් අය අලුත්ම අය..එත් ඔයාලා ටින් වූල්ෆ් කතාමාලාව බලනවා නම් තුන්වැනි සිසන් එකේ ඉදලා කතාවට සම්බන්ධ උන Malia Tate ගේ චරිතය රඟපාන Shelley Hennig තමයි මෙහි ප්‍ර‍ධාන චරිතය රඟදක්වන්නේ. බලන්නකෝ අරන් වෙනස්ම අත්දැකිමක් වේවි. පුලුවන් නම් රෑ වෙලාවකම බලන්න.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.