247F (2011) සිංහල උපසිරැසි සමග



ඔන්න ආපහු 2011 වසරේ නිකුත් වුන හොද Thriller චිත්‍ර‍පටියක් අරගෙන ආවා.සබ් දාන්න ආපහු එකතු උන නිසා හිතුවා මාසේට 4ක් 5ක් වත් පුලුවන් විදියට සබ් දෙන්න.චිත්‍ර‍පටිය ගැන කියනවා නම් මේක සැබැ සිදුවිමක් අනුසාරයෙන් හැදුනු චිත්‍ර‍පටියත්. මේ චිත්‍ර‍පටියේ උන දේ හැබැවටම සිදුවෙලා තියනවා. මේ චිත්‍ර‍පටියේ වගේම පැය 10ක කාලයක් සෝනා එකක හිරවෙලා ඉන්න වෙලා තියනවා මේ සිදුවිමට සැබැවටම මුහුණ දුන්න අයටත්.

රේනා,ජේනා,ඉයන් හා මයිකල් කියන හතර දෙනා කෙටි නිවාඩුවකට යනවා මේ ට්‍රිප් එකට රේනා එකතු වෙන්න හේතුවක් තියනවා අවුරුදු තුනකට කලින් රේනා හා තමන්ගේ පෙම්වතා ගමන් ගන්න වාහනය අනතුරකට පත්වෙනවා. මේ නිසා රේනා ගේ පෙම්වතා මියයනවා. ඒ දුකින් තාමත් ඇය ඉන්න නිසා තමයි ජේනා හිතන්නේ ඇයවත් මේ ගමනට සහාභාගි කරගන්න. තමන්ගේ මිතුරියගේ දැඩි බලකිරිම මත මේ ගමනට සහාභාගි වෙනවා ඇරෙන්න කිසිම වෙලාවක රේනා එක හිතකින් මේ ගමනට එකතු වෙන්නේ නෑ. මොවුන් නවාතැන් ගන්න යන්නේ ඉයන් අදුනන කෙනෙක්ගේ නිවසට. ඔහු මොවුන්ට නිවස බාර දිලා යනවා යන්න. මොවුන් නිවසේ කාලය ගත කරද්දි තමයි දකින්නේ නිවසේම සෝනා එකකුත් තියනවා කියලා. මේ හැමෝම හිතනවා පොඩ්ඩක් ඒක ඇතුලට ගිහින් බලන එක හොදයි කියලා. එත් මේ යන අයගෙන් කිපදෙනෙක්ම ඇතුලේ හිරවෙනවා. ඇයි ඇතුලේ හිරවෙන්නේ කවුද මේ දොර වැහුවේ? අධික රස්නයත් එක්ක මේ අය කොහොම තමන්ගේ ජිවිතය රැකගනිවිද? බලන්නකෝ එහෙනම්. තව ඔයාලා බලන්න ආස මේ වගේ චිත්‍රපටි තියනවා නම් කමෙන්ට් කරලා යන්න (2011 වගේ නම් විශේෂයි.) පුලුවන් විදියට එවාත් දෙන්න බලන්නම්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

Powered by Blogger.