Detective K (2015) සිංහල උපසිරැසි සමගින්



ඔන්න මම අද අරන් ආවේ මම ගොඩක් කල් අරන් එන්න හිතාගෙන හිටපු මේ අවුරුද්දේ නිකුත් වෙච්ච බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන් ලස්සන කොරියානු චිත්‍රපටයක්. මේක නිකුත් වුනේ මේ වසරේ පෙබරවාරි මාසයේ මේ චිත්‍රපටයේ මුල් චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2011 වසරේදි ඒ චිත්‍රපටයත් මේ හා සමානවම විනොද වෙන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක් ඒත් ඒක කරන්න බැරි වුනා හොඳ ටොරෙන්ට් එකක් නැති නිසා. කොහොම හරි මේකෙත් ටොරෙන්ට් එකක් තිබුනේ නැහැ අපේ thasneen සහෝදරයාට ස්තුති වෙන්න තමයි ටොරෙන්ට් එක හදා ගත්තේ. මේ චිත්‍රපයට ගැන කියනවා නම් මේක Action, Comedy, Adventure, Mystery යන ගනයන් වලට අයත් වෙනවා. මේක නිර්මාණය වෙලා තියෙන්නේ චෝසෝන් ඒ කියන්නේ කොරියානු රජ කාලයේ පළමු රහස් පරික්ෂක වරයා මුලික කරගෙන. එයාගේ නම රහස් පරික්ෂක කිම් මින් (Kim Myung-Min) ඒ වගේම එයාගේ සහකාරයා සො-පිල් (Oh Dal-Su) මේ දෙන්නාම මම පෞද්ගලිකව කැමති දකුණ කොරියානු නළුවන් දෙන්නෙක් ඔයාලටත් මෙයාලගේ රඟපැම දැක්කම ඒක දකින්න පුලුවන් වෙයි ඒ වගේම කියන්න ඕනේ මේ උපසිරය ගොඩක්ම තැන් අසා ලිව්වේ මොකද හොඳ ඉංග්‍රිසි උපසිරසියක් නැති නිසා. මේක ඇත්තටම මම බලලා ගොඩක් හිනා වෙච්ච චිත්‍රපටි අතරට එකතු කරන්න පුලුවන්. ‍මේකේ කතාව ගැන කියනවා නම් 1975 වසර වෙන කොට කොරියාවේ විශාල වශයෙන් ව්යාජ රිදී සංසරණය වෙන්න පටන් ගන්නවා මේක රටේ ආර්ථිකයට ලොකු බලපැමක් වෙන නිසා මේකට ක්‍රියාමාර්ගයක් ගන්න අපේ රහස් පරික්ෂක කිම් මින් හා එයාගේ සහකරු සො පිලා තිරණය කරනවා ඒ වගේම එයාල දෝ හේ කියන පුංචි දුවෙක් ගැන හොයන්න පටන් ගන්නවා ඒ එයාගේ අක්කාගේ කිම නිසා. කොහොම හරි මෙයාල හොයා ගන්නවා මේ ව්යාජ රිදී හදන තැන වගේම පොඩි ගැණු දරුවන් අරන් ගිහින් ලිංගික අපචාර වලට ජපානයට අලෙවි කරන තැනකුත්. ඔන්න ඔහොම තමයි වෙන්නේ එයාලගේ වගකිම වෙන්නේ ව්යාජ රිදි හදන අයයි අහින්සක පුංචි දරුවනුයි බේර ගන්න ඒක එයාල ඒක කරන්නේ කොහොමද කියලා ඔයාලම බලන්න මම කලින් මේ ජාතියේ චිත්‍රපට දෙකක් අරන් ආව The Admiral: Roaring Currents, The Pirates ඒ වගේම මේකත් හොඳ වෙයි කියලා මට විශ්වාසයක් තියනවා එහෙනම් මේක බලලා පළවෙනි එකත් බලන්න ආසාවක් ආවෙත් කියන්න මම කොහොම හරි එකේ උපසිරසියත් අරන් එන්න බලන්නම්. එහෙනම් ගිහින් එන්නම්.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

Powered by Blogger.