මේ ආදරයයි රුපවාහිනි කතාමාලාවෙන් රසික හදවත් දිනා ගත් Karan Patel (රමන් කුමාර් බල්හා) රංඟනයෙන් දායක වන City of Gold (2010) සිංහල උපසිරැසි සමගින්



මේ චිත්‍ර‍පටිය ගැන කෙසේ වෙතත් මෙහෙි ප්‍ර‍ධාන චරිතය කරන නළුවා ගැන තමයි මුලින්ම සදහන් කරන්න වෙන්නේ ඒ ඔයාලා නොදන්න කෙනෙක් නෙමෙයි. සිරස ටිවි එකේ හැමදාම රෑ 9.25ට යන මේ ආදරයයි කතාමාලාවේ රමන් කුමාර් බල්හා ගේ චරිතය නිරුපණය කරන Karan Patel තමයි මේ චිත්‍ර‍පටියේ රංඟනයෙන් දායක වෙන්නේ.ඔහු ගැන දැන් නම් නොදන්න කෙනෙක් නැහැ නේ. මිට අමතරව තවත් නළු නිලියන් රැසක්ම රංඟනයෙන් දායක වෙනවා. චිත්‍ර‍පටියේ පූර්ව ප්‍ර‍චාරක පටය කෝකටත් නරඔලාම ඉන්න.

කතාව ගැන කියනවා නම් මෙහි කතාව 1982 දි ඉන්දියාවේදි සිදුවු සැබැ සිදුවිමක් තමයි ගලා යන්නේ. ඒ කාලයේ ඉන්දියාවේ කර්මාන්ත කිහිපයක්ම අයිතිකාරයෝ විසින් වහලා දානවා. මේ නිසා දහස් ගනනක් කම්කරුවන්ට රැකියා අහිමි වෙනවා. අඩුම ගානේ මෙහෙම කලාට ඔවුන් වන්දියක්වත් ලබා දෙන්නේ නැහැ.මේ අසාධාරණය වෙනුවෙන් යූනියන් කිහිපයක්ම පාරට බහිනවා. නමුත් එවායිනුත් ඵලක් වෙන්නේ නැහැ.මේ අසාධාරණයට ලක්වෙන පවුලක් ගැන තමයි චිත්‍ර‍පටියෙන් පෙන්වන්නේ. මොවුන්ගේ බාලම පුතා තමයි නාරු (Karan Patel) පලාතේ ඉන්න මැරයෙක්. පොඩි දේට උනත් ටක් ගලා තරහා යනවා.ඒ වගේම යාළුවන්ට කාටවත් අතක් තියන්නවත් දෙන්නේ නෑ. නාරුට මේ කර්මාන්ත වැහුනාට ඒ මිනිස්සු පාරට වැටුනා කියලා ඵලක් නෑ. මැර වැඩ කරලා සල්ලි හොයාගෙන ගෙදර අයට පවා කන්න බොන්න දෙනවා. නමුත් නාරු අවසානය වෙද්දි මෙහි හැමදේටම මැදිවෙන්න ගන්නවා. එහෙම වෙන්නේ තමන්ගේ සල්ලි වලට තියන ලෝභකම නිසාම තමයි. මේ නිසා නාරුගේ හොදම යාළුවන් පවා නාරුට අහිමිවෙනවා. මේ කතාව කියනවාට වඩා බලලාම ඉන්න කියලා ආරධානය කරන ගමන් සමුගන්නවා .ඒ වගේම මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් එකක් තිබ්බේ නැහැ සීඩ් තියන. ඒක නිසා ඒ චිත්‍ර‍පටිය අප්ලොඩ් කරපු thasneen ට හා චිත්‍ර‍පටියේ කොපියක් අප්ලොඩ් කරන්න හදලා දුන්න සහන් හිමංක දෙන්නාටත් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් තවත් ෆිල්ම් එකකින්ම හමුවෙමු..



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.