Terminator Genisys (2015) සිංහල උපසිරැසි සමගින්



මේ අවුරුද්දේ ආපු ගොඩක් අය එනකන් බලාගෙන හිටපු Terminator Genisys චිත්‍රපටය අරගෙන තමයි අද ආවෙ මෙය සුප්‍රසිද්ධ ටර්මිනේටර් චිත්‍රපට පෙළේ නවතම නිර්මාණයක් හොඳ පිටපතක් ඇවිල්ලා දවස් හතරක් විතර වෙනවා අද තමයි ඉවර කරගන්න පුළුවන් වුනේ. Paramount Pictures විසින් තමයි මෙම චිත්‍රපටය නිකුත් කරේ.මෙය ලොවපුරා තිරගතවෙමින් ඩොලර් මිලියන 322ක මුදලක් උපයන්න සමත්වෙලා තියනව. පුළුවන් උපරිමෙන් වැරදි අඩුපාඩු අවමව උපසිරස ඔයාලට ලබාදෙන්න මම මහන්සි වුනා ඔයාලම බලලා ඒක සාර්ථකද කියලා. මෙම චිත්‍රපටයේ අතීතය වෙනස්වීමක් ගැන යනවා මේකේ අතීතය කියලා හඳුන්වන්නේ පළවෙනි ටර්මිනේටර් චිත්‍රපටය ඒකෙ විස්තරත් මේ චිත්‍රපටයේම කියන හින්දා රසවින්දනයට ඒක බාධාවක් වෙන්නේ නෑ ඒත් මම පළවෙනි චිත්‍රපටයේ වුනු දේ කෙටියෙන් කියන්නම් ඉස්සෙල්ලම ලෝකටත්.

ස්කයිනෙට් කාලය හරහා ටර්මිනේටර් කෙනෙක්ව එවනවා අනාගතයේ යන්ත්‍ර වලට විරුද්ධව සිද්දවෙන සටනේ නායකයා වන ජෝන් කෝනර්ගේ මව ඝාතනය කරන්න එවිට ජෝන් කෝනර් නම් පුද්ගලයෙක් කවදාවත් බිහි නොවන නිසා මේ අතර ජෝන් කෝනර් කයිල් රීස් නම් පුද්ගලයෙක් අනාගතයට එවනවා එම ටර්මිනේටර්ගෙන් ඔහුගේ මවව බේරගැනීමට.එවිට ඇය හොටෙල් සේවිකාවක් ලෙස කටයුතු කරන්නේ ඇය මේ කිසිවක් ගැන දන්නේ නෑ ඇය ක්ලබ් එකක සිටිනා විට ටර්මිනේටර් ඇයව මරන්න උත්සාහ කරනවා ඒත් කට්ල් රීස් කෙසේ හෝ ඇයව එතනින් ගලවාගන්නවා ඉන් පසුව ඇයට පැහැදිලි කරදෙනවා තමා අනාගතයේ සිටිනා ඇයගේ පුතා විසින් එවූ කෙනෙක් බව කොහොම වුනත් මේ දෙන්නම පොලිසියට අහුවෙනවා ටර්මිනේටර් කොහොමහරි පොලිසියටත් ඇවිත් පහරදෙනවා එතනින් පැනලා යන මේ දෙන්නා කොහොමහරි ගෙදරකට යනවා එතනදි කයිල් බෝම්බ එහෙම සකස් කරනවා ටර්මිනේටර්ව විනාශ කරලා දාන්න මේ අතර දෙන්නගේ ආදරයක් ඇතිවෙනවා ඒ අනුව අනාගත ජෝන් කෝනර්ගේ පියා වෙන්නේ එයා අතීතයට එවපු පුද්ගලයාමයි කොහොම වුනත් අමාරු සටනකින් පස්සේ මේ දෙන්නා ටර්මිනේටර්ව විනාස කරලා දානවා ඒත් ඒ සටන හින්දා කයිල් මිය යනවා ඔය විදියට තමයි පළවෙනි චිත්‍රපටය ඉවර වෙන්නේ.

මේ චිත්‍රපටයේත් ආරම්භය ටිකක් ටර්මිනේටර් පළමු චිත්‍රපටය වගේමයි ඒත් කයිල්ව අනාගතයට එව්වම හරි නම් ඉන්න ඕන දුර්වල සාරා කෙනෙක් ඒත් මෙයාට හම්බවෙන්නේ නම් වෙනස්ම සාරා කෙනෙක්ව ඒ වගේම ඒ සාරා එක්ක ඇයව ආරක්ෂා කරන්න ටර්මිනේටර් කෙනෙක් ඇගේ පැත්තේ ඉන්නවා කයිල්ව පළවෙනියටම බේරගන්නෙත් සාරාමයි. මෙතනදි කාලය වෙනස් වීමක් වෙලා හරි නම් කාලය තියෙන්න ඕන විදිය තමයි පළවෙනි චිත්‍රපටයේ විස්තරයෙන් මම කිව්වේ ඒත් මෙතනදි කාලය වෙනස්වෙලා හින්දා සාරා අනාගතය ගැන හැමදෙයක්ම දන්නවා ඒ කියන්නේ පළවෙනි චිත්‍රපටියේ විස්තරයෙන් කියපු දේවල් ඉතින් ඒ හින්දා මෙයාලා අනාගතයට මුහුණදෙන්න කලින්ම සූදානම්වෙලා කයිල් රීස් ඉපදෙන්නේ යන්ත්‍ර විසින් පාලනය කරන ලෝකයක ඒත් කයිල් රීස්ට එයා කවදාවත් ගත කරලා නැති ජීවිතයක් ගැන මතකයන් තියනවා. ඉතින් මේකෙන් කියැවෙන්නේ වෙනස්ම කාලරාමුවක් ගැන කලින් චිත්‍රපට වලට වඩා කතාව වෙනස් වෙනස් වෙනවා ඒ හින්දා.මේ චිත්‍රපටයේ වැඩි විස්තරයක් නෑ ඒක නරඹලා දැනගන්න එක ඔබට බාරයි.

Arnold Schwarzenegger ටර්මිනේටර්ගේ චරිතය වසර ගානකට පස්සේ නැවත රඟපානවා මෙම චිත්‍රපටයේදි එහිදිත් ඔහු කොතරම් වයසට ගියත් රංගන හැකියාවෙන් කිසිම වයසට යෑමක් නැති බව පේනවා.ඒ වගේම චිත්‍රපටයේදි ඔහු කීපවතාවක්ම කියනවා "වයසයි ඒත් යල්පැනලා නෑ" ඒක චිත්‍රපටයට විතරක් නෙමෙයි Arnold Schwarzeneggerටත් අදාල වෙන්නම දාන දෙබසක් බව නම් හොඳින්ම පේන්න තියනවා. SRT ගොනුවකුත් ඔයාලගේ ඉල්ලීම පරිදි උපසිරස එක්ක ලබාදීලා තියනවා එහෙනම් තවත් උපසිරසකින් හමුවෙමු...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිසල් ලක්ෂාන් විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන BRRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.