Apartment (2010) සිංහල උපසිරැසි සමගින්



ඉංග්‍රිසි ෆිල්ම් එකක් දෙකක් දුන්න නිසා කට්ටිය ඇහුවා හින්දි නැත්දෝ කියලා. ඒක නිසාම කට්ටිය තාම බලලා නෑ කියලා හිතන තාම දන්න විදියට නම් රුපවාහිනි නාලිකාවක විකාශනය වෙලා නැති චිත්‍ර‍පටියක් අරගෙන ආවා. මම මුලින් හිතුවේ මේක ඉංග්‍රිසි චිත්‍ර‍පටියක නැවත නිර්මාණයක් කියලා. මොකද මේ කතාව තනිකරම The Roommate ඉංග්‍රිසි චිත්‍ර‍පටිය හා ගැලපෙනවා. හැබැයි හොයලා බලද්දි දැනගත්තේ හින්දි චිත්‍ර‍පටිය තමයි මුලින් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඉංග්‍රිසි චිත්‍ර‍පටිය තමයි මේ අද දෙන හින්දි චිත්‍ර‍පටිය කොපි කරලා තියෙන්නේ.

මේ චිත්‍ර‍පටියේ චරිත ගැන කිව්වොත් ප්‍ර‍ධාන චරිත ලෙස Rohit Roy,Tanushree Dutta,Neetu Chandra,Anupam Kher රංඟනයෙන් දායක වෙනවා. චිත්‍ර‍පටිය අධ්‍යක්ෂනය කරන්නේ Jag Mundhra විසිනි.Tales of The Kama Sutra චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කලේද ඔහු විසිනි.

කතාව ගැන කියනවා නම් කරන් හා ප්‍රිති කියන්නේ පෙම්වතුන් දෙන්නෙක්. දෙන්න මුම්බායි වල ෆැලැට් එකක එකට තමයි ජිවත් වෙන්නේ. නමුත් ප්‍රිතිගේ හිතේ පොඩි සැකයක් එනවා කරන් තමන්ට වංචා කරනවාද කියාල. දිනක් ප්‍රීති ගෙදර එද්දි කරන් ගැණු ළමයෙක් එක්ක ඉදලා අහුවෙනවා. ඇත්තටම ඒකට කරන්ගේ වරදක් නැහැ. එත් ප්‍රීති සැකකරන්නේ කරන්ව. එහෙම වෙලා කරන් එක්ක තියන සම්බන්ධය නවත්වනවා. කරන් මේ නිසාම ෆැලැට් එකෙන් යන්න යනවා. ප්‍රිති ටික කාලයක් තනියම ඉන්නවා ඇයට මේ ගෙදර තනියම ඉන්න පාළු හිතෙනවා. මේ නිසා ඇය තිරණය කරනවා හිස්වෙලා තියන කාමරයක කෙනෙක් නවත්තගන්න. එහෙම නවතින්න එන ගැණු ළමයා තමයි නේහා. ඇය මුල කාලේ හොදින් ප්‍රීති එක්ක ඉන්නවා. නමුත් ඇය ආවට පස්සේ මහා අමුතු අමුතු දේවල් ගොඩක් සිද්ධවෙනවා. ෆ්ලැට් එකේ සත්තු මැරෙනවා... එක එක කෙනාට කරදර වෙනවා. ඇත්තටම මේ නේහා කියන්නේ කවුද? ඇයව ගෙදරට ගෙන්න ගත්ත ප්‍රීතිට මොකද වෙන්නේ. මේවා ගැන කියනවාට වඩා හොදයි චිත්‍ර‍පටිය අරගෙනම බලන එක. සීඩ් මදි වගේ පෙනුනාත් ෆිල්ම් එක ඩවුන්ලොඩ් වේවි. එහෙම නැති උනොත් ඩිරෙක්ට් ලින්ක් එක භාවිතා කරන්න. එහෙනම් තව චිත්‍ර‍පටියකින්ම හමුවෙමු කෝ
.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.