Kirumi (2015) සිංහල උපසිරැසි සමගින්



“........ඔයාගේ වැඩක් කරගන්න........එතකොට ලෝකයා ඔයාට ඒ විදිහට ඉන්න දෙයි........ ඔයා ඕනාවට වැඩිය දගලන්න ගියොත්.......... ඔයාට ජීවිතයයි අතපයයි දෙකම නැතිවෙයි........“

ඔන්න එහෙනම් තවත් දෙමළ චිත්‍රපටියකින් ඔයාලව හම්බෙන්න ආවා.මේකෙ ඉන්න නළු නිළියො නම් එච්චර දැකලා පුරුදු අය නෙමේ.ඒත් කථාව නම් ගොඩක් ආදර්ශවත් කථාවක්.මේකෙන් කියවෙන්නේ අනුන්ගේ වැඩ වලට අත නොදා ඉන්න එක ගැන.මමත් මෙලෝ රහක් නෑ කියලා හිතුවට කථාව නම් පට්ට.ගහ ගැනිලි එහෙම වැඩිය නෑ.සාමාන්‍ය ජීවිතේ වුන කථාවක් වගේ තියනවා.බොරු ඇක්ෂන් එහෙම නෑ.


කථාව ගැන කියනවා නම් කදිර් කියන්නේ කිසිම රස්සාවක් නැතිව ඔහේ ඉන්න එකෙක්.හැබැයි මූ කසාද බැදලා ළමයෙකුත් ඉන්නවා.පවුලේ බර සේරම කරගහන්නේ අනිතා එහෙම නැත්නම් කදිර්ගේ බිරිද.කදිර්ගේ අයියා (ප්‍රබාකර්) පොලීසියට එක එක හොරු ගැන ඔත්තු දෙන පොරක්. ඒ හින්දා ප්‍රබාකර් පොලීසියේ ලොක්කන්ව හොදට අදුරනවා.ලොක්කො කිව්වට උන් පගා මරුවො.කදිර්ට රස්සාවක් නැති හින්දා ප්‍රබාකර් කදිර්ව පොලීසියේ ලොක්කට කියලා පොලීසියේ රාජකාරි වලට කොහොම හරි සම්බන්ධ කරවනවා.නිළ නොවන විදිහට ඈ.කදිර් කරන්නෙත් එක එක දේවල් ගැන ඔත්තු දෙන එකයි පොලීසියේ වැඩ වලට උදව් දෙන එකයි.දවසක් කදිර් ලොකු සූදු පොලක් ගැන පොලීසිය ඔත්තු දෙනවා.මේ සූදු පොලේ අයිතිකාරයාගේ මල්ලි ලොකු මැරයෙක්.කොහොම හරි මේ සූදු පොල පොලීසියෙන් වටලලා ඒකේ තිබ්බ ලක්ෂ දෙක හමාරක් පොලිස් ලොක්කා මිසින් කරනවා.මේ හින්දා ශන්කර්ගේ කට්ටිය ප්‍රබාකර්වත් මරණවා.ඒ වගේම කදිර්ව මරන්නත් එනවා.මේකට කදිර් වැඩ කරන පොලිසියේ ලොක්කා මොනවා කරයිද? කදිර්ට මොනවා වෙයිද කියලා ඔයාලම බලන්න.හොද පොලිස් නිළධාරීන් වගේම සක්කිලි පොලිස්කාරයොත් සමාජයේ ගොඩක් ඉන්නවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය...! “ඔයා ජීවිතේ මුහුණ දෙන හැම ප්‍රශ්ණයකටම අත දාන්න යන්න ඕන නෑ..... සමහර වෙලාවල් වලට..... ප්‍රශ්ණ වලින් ඈත්වෙලා යන එකට තමයි “දිනුම“ කියලා කියන්නේ......“



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සූලාන් සම්පත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.