Knock Knock (2015) සිංහල උපසිරැසි සමගින්



හදිසියේ තමයි මේ චිත්‍ර‍පටියේ සබ් එක කරන්න ලැබුනේ. ඉමාෂා තමයි බාරගෙන හිටියේ කවදාවත් ෆිල්ම් එකක් දුන්නාම මේක කරන්න බැහැ කියලා නොකිව්වාට මේ චිත්‍ර‍පටිය නම් කරන්න බැහැ කියලා කියලා එව්වා. ෆිල්ම් එක අරන් බැලුවාම තමයි මටත් වැඩේ තේරුනේ. කොහොම හරි ලයින් 250ක් විතර කරලා එවපු නිසා මට ලයින් 1000ක් වගේ තමයි කරන්න තිබ්බේ. මේ චිත්‍ර‍පටිය නිර්මාණය කරන්නේ Eli Roth විසින්. ඔහු තමයි Hostel චිත්‍ර‍පටිමාලාවේ අධ්‍යක්ෂක. ඒ වගේම අපි ලගදි දුන්න The Stranger චිත්‍ර‍පටියත් ඔහුගේම තමයි. නමුත් මේ චිත්‍ර‍පටියේ නම් ඔහු වැඩේ වරද්දගෙන කියලා කටපුරාම කියන්න පුලුවන්. මේ චිත්‍ර‍පටිය නිර්මාණය වෙන්නේ 1977 තිරගත වු Death Game චිත්‍ර‍පටියේම නැවත නිර්මායක් ලෙසයි.

මුලිකම මේ චිත්‍ර‍පටිය දොෂදර්ශනය වන්නට හේතුව වෙන්නේ කවුරුත් ආදරය කරපු Keanu Reeves මෙවැනි කතාවක රංඟනයෙන් දායක විමයි. ගොඩක් අය මොහු නිසාම චිත්‍ර‍පටිය බලන්නත් පෙළබිලා තියනවා. නමුත් බලාපොරොත්තු කඩවිමක් තමයි වෙලා තියෙන්නේ. ඒ ඔහුගේ රංඟනයේ අඩුපාඩුවක් නෙමෙයි කතාවේ ඇති යම් යම් දෝෂ නිසායි. මේ කතාව ඇත්තටම අන්තිමට මට බැලුවාම හිතුවේ ඒ කතාව හදන්න උවමනා විදියට නෙමෙයි හදලා තියෙන්නේ කියලා. මෙතැන Keanu Reeves රඟපාපු චරිතය ඇත්තටම සල්ලාල ජිවිතයක් උනා නම් මේ කතාව මනාවට ගැලපෙන්නට තිබ්බා.

කතාව ගැන කියන්නම් කෝ. එවන් කියන්නේ ආදරණිය සැමියෙක් වගේම දරුවන් දෙන්නෙක් ඉන්න පියෙක්.ඔහුගේ බිරිද හා දරුවන් දෙදෙනා සතිඅන්තියට නගරයෙන් පිටට යනවා. එවන් සති අන්තයේ ගෙදර තනිවෙනවා. රැ එවන් වැඩ කර කර ඉද්දි දොරට ගහන හඩක් එනවා. ඔහු ගිහින් බැලුවාම තරුණියන් දෙන්නෙක් එලියේ හිටගෙන ඉන්නවා. මේ වෙලාවේ දරුණු වර්ෂාපතනයකුත් සිදුවෙනවා. මේ තරුණියන් දෙන්නාට මාර්ගය වැරැදිලා තමයි මෙතැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ටැක්සියකට කතා කරලා ඒක එනකම් එවන් මනුස්සකමට මේ තරුණියන් දෙන්නාව ඇතුලට අඩගහගන්නවා. එතැනින් පස්සේ තමයි හැමදේම කනපිට හැරෙන්නේ. ඔයාලත් අරන් බලන්න මේ චිත්‍ර‍පටියට මොකද ඇත්තටම කියන්න පුලුවන් කියලා.මේක +18ට වැඩි චිත්‍ර‍පටියක් ලෙස අවධාරණයෙන්ම කියන්න කැමැතියි



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.