Project Almanac (2014) සිංහල උපසිරැසි සමඟ



තවත් චිත්‍ර‍පටියක් අරගෙන ආවා. ඉඩ ලැබෙන විදියට තමයි මේ විදියට සබ් එකක් දාලා අරගෙන එන්නේ. හිමින් හිමින් තව උපසිරැසි කිහිපයක් දෙන්නම්කෝ.... 2015 ජනවාරි 30 ලොව පුරා ප්‍ර‍දර්ශනය කරපු චිත්‍ර‍පටියක් තමයි අරගෙන ආවේ. විද්‍යාප්‍ර‍බන්ද වගේ චිත්‍ර‍පටිවලට ආස අයට මේ චිත්‍ර‍පටිය හොදින් ගැලපේවි. අපි කවුරුත් දන්න ටින් වුල්ෆ් නිර්මාණය කරන MTV ආයතනයෙන් තමයි මේ චිත්‍ර‍පටියත් නිශ්පාදනය කරලා තියෙන්නේ. කතාව ගැන කියනවා නම් ඩේවිඩ් කියන්නේ දක්ෂ සිසුවෙක්. ඔහුට උවමනා වෙනවා වැඩිිදුර අධ්‍යාපනය සදහා උසස් විශ්ව විද්‍යාලයකට ඇතුලු වෙන්න. ඔහු ශිෂ්‍යත්වයක් වෙනුවෙන් ඉල්ලුම් කලත් එය සාර්ථක වෙන්නේ නැහැ. මේ නිසා ඔහුගේ බලාපොරොත්තු බිංදුවටම ඇදවැටෙනවා. ඩේව්ඩ් ට උවමනා වෙනවා කොහොම හරි විශ්ව විද්‍යාලයට යන්න. නමුත් ඩේව්ඩ්ට ඉන්නේ අම්මායි නංගියි විතරයි. තාත්තා නැති වුනේ ඔහුට අවුරුදු 7ක් වෙද්දි. මේ නිසා මුදල් අතින් ඔවුන් පොහොසත් නෑ. ඩේව්ඩ් ගේ තාත්තා විදයාඥයෙක්. ඩේව්ඩ් දිනක් තාත්තා ගේ පරණ දේවල් ඇද ඇද ඉද්දි ඔහුට යමක් හම්බවෙනවා. මේක කාලය හරහා යා හැකි මැෂිමක. ඔහු මේක හදන්න හිතාගන්නවා තමන්ගේ යාළුවෝ එක්ක.මේක හැදුවාට පස්සේ මේ අය කාලය හරහා යන්න හදනවා. නමුත් එක්කෙනෙක් කරන සිදුවිමක් නිසා මුළු කතාවම කනපිට හැරෙනවා. එහෙනම් අරගෙන බලන්නකෝ.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.