Savaale Samaali (2015) සිංහල උපසිරැසි සමගින්



අලුත්ම අලුත් දමිළ චිත්‍ර‍පටියක් අරගෙනයි ඔන්න අද ආවේ. මම උපසිරැසි ගන්වලා තියන වැඩිම ලයින් ගාන තිබ්බෙත් මේ චිත්‍ර‍පටියේම තමයි. ඒ ලයින් 3100ක්. මේක ඉතින් කරමු කියලා මුලින්ම මගේ ඔළුවට දැම්මේ සුපුනා. කරන්න ගත්තාම තමයි වැඩේ එපා වෙන්නම වගේ ආවේ.මොකද ඔයාලාට කියවන්න පහසු වෙන්නත් උපසිරැසි දාන්න එපැයිනේ. ඒ නිසා ලයින් ගොඩක් එකතු කරලා තනි ලයින් එකකට එන්නත් හැදුවා..රෑ නිදිමරාගෙන දැම්ම නිසා අකුරක් දෙක්ක වැරැදි ඇති. එවා ගැන වැඩිය හිතන්න එපා. කොහොම හරි ෆිල්ම් එක නම් ගොඩක්ම විනෝදෙන් බලන්න පුලුවන් කියලා අනිවාර්යෙන්ම කියන්න ඕන. මුල ඉදන් අන්තිම වෙනකම්ම හිනාවේවි බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක්. මේකේ ප්‍ර‍ධාන චරිතය කරන්නේ Ashok Selvan විසින්. Thegidi චිත්‍ර‍පටිය බැලුවා නම් ඔහුව අමතක වෙන්න විදියක් නැහැ. ප්‍ර‍ධාන නිලියගේ චරිතය කරන්නේ Bindu Madhavi විසින්. ඇයවත් දමිළ චිත්‍ර‍පටි බලන ඔයාලාට නම් අලුත් කෙනෙක් නෙමෙයි.මිට අමතරව දමිළ සිනමා වේ ජනප්‍රිය චරිත කිහිපයක්ම මෙහි රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් මම මුලින් කිව්වා වගේම කොමඩි පැත්තට සැහෙන්න බර චිත්‍ර‍පටියක්. කාර්තික් කියන්නේ මිඩියා වල රැකියාවක් කරන්න ආස කෙනෙක්. ඔහු කොහොම හරි ටොප් ටීවි කියලා රුපවාහිනි ආයතනයක රැකියාවක් හොයාගන්නවා. මේ ටොප් ටීවි නාලිකාවත් පාඩු ලබමින් යන කවුරුත් වැඩිය බලන්නේ නැති නාලිකාවක්. කාර්තික්ට ඉන්නවා කොලෙජ් යන නංගි කෙනෙක්. නංගිව මුණ ගැහෙන්න නිතරම ඇයගේ යාළුවෝ ගෙදරට එනවා. ඉතින් කාර්තික් කරන වැඩේ තමයි නංගිගේ ලස්සන යාළුවෙක් ආවොත් ඇයට ආදරය ගැන ලියලා ලියුම් දෙන එක. මේක නිසා කාර්තික්ගේ නංගිත් එක්ක වැඩිය යාළුවෝ ඉන්නෙත් නැහැ. කොහොම හරි නංගිගේ අලුත් යාළුවෙක් දවසක් ගෙදරට එනවා ඇයගේ නම දිව්‍යා (Bindu Madhavi) කාර්තික්ට ඇයව දැක්ක ගමන් හිත යනවා. කීප සැරයක්ම නංගිගේ මේ යාළුවාට ලයින් දාන්න උත්සහා කලත් නංගි ඒ හැම පැලැන් එකක්ම අසාර්ථක කරලා දානවා. කාර්තික් ගේ යාළුවා තමයි බිල්ලා කියන්නේ. ඔහු එක්කත් පැලැන් කිහිපයක්ම ගහනවා එත් මේ හැමදේම අප්සට් යනවා. ඔහොම තමයි කතාව ගලාගෙන යන්නේ. තව අර මම කිව්වානේ කාර්තික් රස්සාව කරන්න රුපවාහිනි නාලිකාවකට යනවා කියලා. කාර්තික් හා බිල්ලා එකතු වෙලා පටන් ගන්න වැඩසටහනක් නිසා කොහොම හරි අන්තිමට මුළු කතාවම අනික් පැත්ත ගහනවා. චිත්‍ර‍පටිය එහෙනම් අරගෙන බලන්නකෝ. තව චිත්‍ර‍පටියකින්ම හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන HDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.