Rocky Handsome (2016) සිංහල උපසිරැසි සමඟින්

ඔන්න හිංදි දෙවනි චිත්‍රපටයත් අරන් ආවා.මේක නම් ගොඩක් අමාරුවෙන් කරපු සබ් එකක්.මොකද මේකටත් කිසිම සබ් එකක් දැනට නෑ.අමාරුවෙන් ටයිම් ලයින් ගහලා සම්පූර්න සබ් එකම කලේ .කරලා භාර දුන්නත් සබ් එක කිසිම HD කොපියකට ගැලපෙන්නේ නෑ කියලා දර්ශන අයියා කියද්දී තමයි මට තරු පෙනුනේ ගැලපෙන කොපියක් එනකන් හිටියත් එන්නේ නැති නිසා, ආයෙත් මුල ඉදලා ටයිම් ලයින් ගහලා සබ් එක ගොඩ දැම්මා.මේ සබ් එක තමයි චිත්‍රපටයට තියන එකම සම්පූර්න එක.ඉතිං කරදර මැද ඔය ගොල්ලන්ට මේක දෙන්න ලැබීම සතුටක් Zoom එකටත් ස්තූතී.වැරදි නම් ඇති ගනන් ගන්න එපා හොදේ...

චිත්‍ර‍පටිය ගැන පොඩ්ඩක් කිව්වොත් Nishikant Kamat විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටිය John Abraham,Diya Chalwad,Shruti Haasan,Nishikant Kamat, Sharad Kelkar රංඟනයෙන් දායක වෙනවා.මේ චිත්‍ර‍පටියThe Man from Nowhere කියන කොරියානු චිත්‍ර‍පටියේ ප්‍ර‍ති නිර්මාණයක්. මෙය ඉන්දියාවට ගැලපෙන සේ නිර්මාණය කරන තියනවා මනාවටම. කබීර් කියන්නේ උගස් බඩු සාප්පුවක් කරන කෙනෙක්.මෙතැනට හැමදාම පොඩි ගැණු ළමයෙක් එනවා බඩු උගස් තියන්න. ඇත්තටම මේ ළමයා හොරකම් කරපු බඩු තමයි ගෙනත් දෙන්නේ. කොහොම හරි කබීර් වගේම මේ ළමයා අතර බැදිමක් ඇති වෙනවා. මේ පොඩි ළමයා තනියම ඉන්නේ අම්මා එක්ක. අම්මාවත් මේ ළමයා ගැන බලන්නේ නැහැ. මේ ළමයාගේ අම්මා ඩ්‍ර‍ග්ස් වලට පුරුදු වෙලා ඉන්න කෙනෙක්. කොහොම හරි පොඩි සිදුවිමක් වෙලා මේ පොඩි ළමයාව පැහැරගන්නවා. කබීර් කියන්නේ කරදර වල පැටලෙන්නේ නැති කෙනෙක්. ඒකට හේතුවක් තියනවා. නමුත් මේ ළමයාව බේරගන්න කබීර් තීරණය කරනවා. ඒ එක්කම මේ කබීර් කියන්නේ කවුද කියලාත් ඇත්තටම චිත්‍ර‍පටිය මැදින් වගේ දැනගන්න පුලුවන් වේවි. 


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 990MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මධුරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

6 comments:

  1. Kohoamda me subtitles eka dawnload karganne??

    ReplyDelete
  2. Subtitle eka dawnload karaganna bane??

    ReplyDelete
  3. Subtitle eka dawnload karaganna bane??

    ReplyDelete
  4. Kohoamda me subtitles eka dawnload karganne??

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=5ih_6P422iA මේ වීඩියෝ එකේ තියෙනවා ඩවුන්ලෝඩ් කරන හැටි :)

      Delete

Powered by Blogger.