TE3N (2016) සිංහල උපසිරැසි සමගින්


ඔන්න 2013 වසරේ මාර්තු මස 1වන දින A Wednesday ! [2008] හින්දි චිත්‍රපටය උපසිරැසි ගන්වමින් ආරම්භ කළ ගමනේ පළමු කඩඉම පහු කරනවා අද දිනයේ 50වන උපසිරැසිය ලබා දෙමින්. මේ උපසිරැසි 50 ඇතුළේ ඉංග්‍රීසි චිත්‍රපට තියෙන්නේ 03ක් පමණයි ඉතිරි 47ම හින්දි චිත්‍රපට. ඒ හින්දි චිත්‍රපට 47ට එදා මෙදාතුර ‍බොලිවුඩයේ වැඩිම ආදායමක් හිමි කරගත් PK (2014) චිත්‍රපටයත් එහි දෙවනි තැන තිබෙන Bajrangi Bhaijaan (2015) චිත්‍රපටයත් ඇතුළත් වෙලා තිබීම ගැන පොඩි ආඩම්බරයක් තියෙනවා. හැබැයි ඒ රෙකෝඩ් එක නම් තව නොබෝ දිනකින් දරේගේ නමින් ලියවෙයි කියලා හිතනවා sultan චිත්‍රපටයේ ආදායම් වාර්තා දිහා බැලුවාම.

මේ ගමනට සෑහෙන කාලයක් නම් ගත වෙලා තියෙනවා තමයි. හැබැයි හෙමින් හෙමින් ආපු ගමන දිහා හැරිලා බලද්දි සතුටු වෙන්න පුලුවන් කාරණා ගොඩාක් තියෙනවා. ප්‍රධානම කාරණය තමයි හොඳ මිත්‍රයෝ ටිකක් ආශ්‍රය කරන්න ලැබීම. මුලින්ම අඳුනා ගන්න ලැබුනේ සූම් ඇඩ්මින් තුමා වන දර්ශනව. දරේ ගැන ඉතින් අමුතුවෙන් කියන්ට දෙයක් නෑනේ හැමෝම දන්නවානේ. ඔහුට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා මටත් සූම් වෙබ් අඩවිය හා එක් වෙන්න අවස්තාව ලබා දීම පිළිබඳව. උපසිරැසියක් දෙකක් දෙද්දි සූම් එකේ ගොඩාක් අය මුහුණු පොත හරහා මිත්‍රයෝ බවට පත් වුනා. අදටත් සමහර මිත්‍රයෝ මුණගැහිලා කතා බහ කරලා නැහැ. හැබැයි ඉතින් එක පවුලක් වගේ සූම් එකේ සෙට් එක හැමදාමත් මුහුණු පොතේදී මුණගැහෙනවා. නම් වශයෙන් මතක් කරන්න ගියොත් නම් මග හැරෙන්න පුලුවන් නිසා මේ වෙලාවෙදි හැමෝවම ආදරෙන් මතක් කරනවා ඔන්න.

උපසිරසියක් ලබා දුන්නාම එහි ගුණ දොස් කියලා හැමදාමත් කමෙන්ට් එකක් දාන මිත්‍රයෝ පිරිසටත් හිස නමා අචාර කරනවා. කමෙන්ට්ස් දැම්මාත් නොදැම්මාත් උපසිරැසිය බාගත කරගන්නා සියලූම දෙනාටත් හදවතින්ම ස්තූති වන්ත වෙනවා. ඒ වගේම සූම් එකෙන් පරි භාහිරව මුහුණු පොත හරහා උපසිරැසිවල ගුණ දොස් විචාරය කරමින් හැමදාමත් සහයෝගය දුන්නු මිත්‍රයෝ පිරිසවත් මේ වෙලාවේ සිහිපත් කරනවා. ලිපිය වැඩිය දීර්ග කරන්න බලාපොරොත්තුවක් නෑ. මොකද අද උපසිරැසි ලබා දෙන චිත්‍රපටය ගැනත් යමක් කියන්නට වුවමනා නිසා.

සරලවම හැඳින්වුවහොත් මේක 3 IN 1 මූවි එකක්. බොලිවුඩයේ සිටින ප්‍රතිභාපූර්ණ රංගදරයන් තිදෙනෙකුම මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙන නිසාවෙනුයි මම එලෙස හැඳින්වීමක් කළේ. මා පුද්ගලිකව බොහෝ ප්‍රිය කරන අමිතාබ් භච්චන්, නවසුදීන් සිද්දික් සහ මාගේ ප්‍රියතම බොලිවුඩ් නිළිය වන විද්‍යා බාලන් එම විශිෂ්ඨතමයන් ත්‍රිත්වයට ඇතුළත් . රිභූ දාස්ගුප්තාගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වුනු TE3N චිත්‍රපටය විචාරක ප්‍රසාදය ඉතා ඉහළින් දිනා ගත් චිත්‍රපටයක්. Montage (2013) නම් කොරියානු චිත්‍රපටයේ බොලිවුඩ් ප්‍රතිනිර්මාණය හැටියට එලිදැක්වූ මෙම චිත්‍රපටයේ IMDB දර්ශක අගය 7.4/10ක්.

තමන්ගේ මිණිපිරිය පැහැ‍රගෙන ගොස් මරා දැමීමට වගකිවයුතු පුද්ගලයා සොයා වසර 8ක නොනවතින මෙහෙයුමක නිරත වන ජෝන් බිස්වාස් (අමිතාබ් භච්චන්) මූලික කරගෙනයි කතාන්දරය දිව යන්නේ. වසර 8ක් පුරාවටම දිනකදු හෝ මග නොහැර පොලිස් ස්ථානය වෙත ගියාත් ජෝන්ට කිසිදු දිනෙක යහපත් ප්‍රතිචාරයක් පොලිසිය පාර්ශ‍වයෙන් ලැබෙන්නේ නැහැ ‍ජෝන්ගේ මිණිපිරියට සිදු වූ අපරාදය සම්බන්දයෙන්. උත්සාහය අත් නොහරින ජෝන්ට දිනක් දකින්නට ලැබෙනවා තමන්ගේ මිණිපිරිය අවසන් වතාවට දකින විට හිසේ පැළද සිටි තොප්පිය වෙනත් ළමයෙකු පැළඳගෙන යනවා. තුතු විත්ති විමසා බැලීමේදී ඔහුට දැනගන්නට ලැබෙනවා එම දැරිය ගොළු බිහිරි ළමුන් සිටින අනාථ නිවාසයක දැරියක් බවත් ඇයට එම තොප්පිය යම් කෙනෙකු විසින් පරිත්‍යාග කර ඇති බවත්. වසර 8කට පසුව ලැබුණු එකම හෝඩුවාවෙන් නව ජීවයක් ලබන ජෝන් බිස්වාස් එම තොප්පිය පරිත්‍යාග කළ අය සොයා යනවා. එම ගමනෙන් පසුව ජෝන් බිස්වාස් හුදකලාව කරගෙන ගිය සටන නව මාවතකට යොමු වෙනවා.

මේ අතරතුරේදී නැවත වතාවක් කුඩා ළමයෙකු පැහැර ගැනීමට ලක් වෙනවා. එම පැහැර ගැනීමත් එක්ක ඉදිරියට ගලා යන චිත්‍රපටය ඔබගේ දෑස තිරය වෙතම ඇඳ බැඳ තබාගන්න සමත් වේවි කියන වග සහතික වශයෙන්ම කියන්නට පුලුවන්. මාටින් දාස් පියතුමා (නවසුදීන් සිද්දික්) සහ සරීතා නම් පොලීස් පරීක්ෂකවරිය (විද්‍යා බාලන්) මෙම කතාන්දරය තුළ හොඹවන භූමිකාව උඩුගම් බලා පිහිනන ජෝන් බිස්වාස්ට කුමන ආකාරයක රුකුලක් වේවිද යන වගත් තම මිණිපිරිය වෙනුවෙන් යුක්තිය ඉටු කරලන්නට වෙහෙසෙන ජෝන් බිස්වාස් එම අසීරු ඉලක්කයට කෙලෙසින් ලඟා වේවිද කියන වගත් දැක බලා ගන්නට චිත්‍රපයට නරඹන්නම වෙනවා. පවුලේ සැමටම එකට සිට නැරඹිය හැකි ඉතා හොඳ රසවින්දනයක් සහිත චිත්‍රපටයක් ලෙස සියල්ලන්ටම නි‍ර්දේශ කර සිටිනවා. එහෙනම් තවත් උපසිරැසියක් සමගින් හමු වන තුරු ඔබට සුභ දවසක්! සතුටින් ඉන්න! 



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

700MB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.