James and Alice (2016) with Sinhala Subtitles

ඔන්න යාළුවනේ, තවත් ලස්සන චිත්‍රපටියක් අරගෙන මං ආයෙමත් ආවා. අද මට සුවිශේෂ දවසක් නිසා, මං මේ පාර අරගෙන ආවෙත් මීට කළින් නොකරපු භාෂාවක චිත්‍රපටියක්. ඉතින් මං අද සිංහල උපසිරැසි අරගෙන ආවේ, IMDB දර්ශකයේ 6.6ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්න සමත්වුනු, මලයාලම් චිත්‍රපටියක්. මගේ මතයට අනුව නම්, මේකට අඩුමගාණේ 9.5ක අගයක්වත් ලැබිය යුතුයි. ඇත්තටම මේක ලස්සනම ලස්සන ආදර කතාවක් ඔස්සේ ගලාගෙන යනවා. Prithviraj සහ Vedika මෙහි ප්‍රධාන චරිත දෙකට පණපොවනවා. ඉතින් මං මේ ලස්සන සළරුව ගැන පුංචි විස්තරයක් කරන්නම්.

ජේම්ස් කියන්නේ, කළාකරුවෙක් වගේම සහකාර අධ්‍යක්ෂකවරයෙක්. ඇලිස් කියන්නේ, බැංකු නිළධාරිනියක්. මේ දෙන්නාට දෙන්නා පණ වගේ ආදරේ කරනවා. හැබැයි ඇලිස්ගේ තාත්තා ලොකු සල්ලිකාරයෙක්. ඉතින් ස්ථීර ආදායමක් නැති, කාත්කවුරුවත් නැති ජේම්ස්ට තමන්ගේ දුවව විවාහකරලා දෙන්න, ඔහු කැමතිවෙන්නේ නෑ. හැබැයි ඇලිස් තමන්ගේ පියාගේ කීමට පිටින්ජේම්ස් එක්ක විවාහ වෙනවා. මේ දෙන්නාට දුවෙකුත් හම්බවෙනවා. මේ විදියට අවුරුදු 8ක් විතර ගෙවිලා යද්දී, ජේම්ස්ට තමන්ගේ රැකියාව නිසා පවුල් වගකීම් බොහොමයක් මඟහැරෙනවා. ඇලිස්මේ සියල්ල ඉවසාගෙන හිටිනවා. නමුත් ඇලිස්ගේ මේ ඉවසීමේ සීමාව ඉක්මවා යන විදියේ වැඩක්, ජේම්ස් නොදැනුවත්ව ඔහු අතින් සිදුවෙනවා. ඉතින් ඇලිස් ජේම්ස්ගෙන් දික්කසාද වීමට තීරණය කරනවා. හැබැයි දික්කසාද වීමටත් පෙර, ජේම්ස් මාරක රිය අනතුරකට භාජනය වෙනවා. මෙතන ඉඳන් එහාට වෙන්නේ මොනවද කියලා, ඔයාලා චිත්‍රපටිය නරඹලාම දැනගන්න. අද කතාව කිව්වා වැඩිද මන්දා?! හැබැයි කියපු දේවල් වලට වඩා ලොකු කතාවක් මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙනවා. නෙතට කදුළක් ගෙන එන මේ ලස්සන ආදර කතාන්දරය ඔබත් අදම නරඹන්න.

ඉතින් එහෙනම් ආයෙමත් ලස්සන චිත්‍රපටියකින් හමුවෙනතුරු මං ඔයාලගෙන් සමුගන්නවා. මං ඔයාලට කළින් කිව්වා වගේ, අද මට පොඩි විශේෂ දවසක්. ඒ හින්දා මේ චිත්‍රපටියේ එන විශේෂ හිතට වදින වැකියකින් මං ඔයාලගෙන් සමුගන්නවා. හැමෝටම ජයවේවා, බුදුසරණයි!

'මරණය ඔබට දෙවැනි අවස්ථාවක් ලබාදෙනවා,
මොකද ජීවිතය එසේ නොකරන හින්දා!'

FB -
https://www.facebook.com/isuru.prez


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


500MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.